ජනතාවට කොරෝනා අමතකයි ! - වෛද්‍ය අනිල් ජාසිංහ

ජනතාවට කොරෝනා අමතකයි ! - වෛද්‍ය අනිල් ජාසිංහ

ඉදිරි දෙසතිය තුළ රටේ වසංගතය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි. ජනතාව කොරෝනා වසංගතය අමතක කරමින් කටයුතු කරන බවත් එම නිසා මෙම තත්වය ඇතිවිය හැකි බවත් ඔහු පවසයි. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශන සීමාවන් අනුව ජනතාව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අවධාරණය කර සිටියි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටින්නේ කොරෝනා පාලනය සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් ජනතාව නොසලකා හරින බවක් පෙන්නුම් කරන නිසා ඉදිරි දෙසතිය තුළ රටේ වසංගතය ව්‍යාප්ත වීමේ තර්ජනයට දැඩිව මුහුණ පෑමට සිදුවිය හැකි බවයි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 1903 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 552 ක් වේ. මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1342 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

gdhhdfyh