අලියා සිරිකොතේ තබා සජිත් හදවත රැගෙන යයි !  

අලියා සිරිකොතේ තබා සජිත් හදවත රැගෙන යයි !   
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ලකුණ අලියා විය යුතු බව එක පාර්ශ්වයක් පවසන විට සමගි ජාතික සන්ධානය නම් වූ සන්ධානයේ ලකුණ හදවත බව පවසමින් සජිත් ප්‍රේමදාස සිරිකොත පරිශ්‍රයේ අද පැවැත්වූ රැස්වීමෙන් පිටව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, වජිර අබේවර්ධන, ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රංගේ බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, නවින් දිසානායක ආදී පිරිසක් අලියා ලකුණට පක්ෂව අදහස් දැක්වූ බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස සමග එකඟතාව පළකරමින්, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, රන්ජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර, හර්ෂ ද සිල්වා, තලතා අතුකෝරාල, කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සිරිකොතෙන් පිටව ගොස් ඇත.