නළු නිළි පැරෂුට්කාරයෝ ආවොත් බලාගමු ! මුතුහෙට්ටිගම අනතුරු හඟවයි !!  

නළු නිළි පැරෂුට්කාරයෝ ආවොත් බලාගමු !  මුතුහෙට්ටිගම අනතුරු හඟවයි !!  
මෙවර මැතිවරණයේදීත් පැරෂුට්කාරයන් ගෙන ආවොත් ජනතාව සමග එක්ව අරගල කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.  2009 පළාත් සභා මැතිවරණයේදි අනර්කලි සහ සජින් වාස් ගුණවර්ධන වැනි පැරෂුට් කාරයින් ගාල්ලට ගෙනෙන ලද නමුත් තමන් ඔවුන් සමග සටන් කොට ජයගත් බවත් අද ඔවුන් සිටින්නේ කොහේදවත් නොදන්නා බවත්, මෙවරද එසේ පැරෂුට්කාරයින් ගෙනාවොත් ජනතාව සමග අරගල කරන බවත් ඔහු අවධාරණය කරයි.
 
ඉදිරි මැතිවරණයේදී කුමන නළුවන්, නිළියන්, ක්‍රීඩකයින් ගෙනාව ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් තමන් ජයගන්නා බව නිශාන්ත මුතුහෙට්ටිගම වැඩි දුරටත් කියා සිටියි. ඔහු මේ බව පැවසූයේ වත්මන් දේශපාලන තත්වය හා ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ගාල්ලේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.