රන්ජන් හඬ පට රස පරීක්ෂණයට !  

රන්ජන් හඬ පට රස පරීක්ෂණයට !   
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය. මෙම හඬ පටවලට අදාළ පරීක්ෂණ අත්හිටුවීමට මින් පෙර තීරණයක් ගෙන තිබූ අතර එම තීරණය වෙනස් කරමින් නැවත රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත. 
 

මේ අතර පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාද සිටින බව වාර්තා වේ. කථානායක කරු ජයසූරිය කාරක සභාවට ඇතුලත් වන සාමාජිකයන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබීය. දැනට රිමාන්ඩ් භාරයේ සිටින රන්ජන් රාමනායක විපක්ෂය නියෝජනය කරමින් කාරක සභාවට නම් කර තිබේ.

අනෙකුත් කෝප් සාමාජිකයන් – අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේක, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, රවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා, ඩී.වී. චානක

සේයා - ලංකාදීප