හඳුන්නෙත්ති දැරූ කෝප් මුල් පුටුව මහින්දානන්දට ?  

හඳුන්නෙත්ති දැරූ කෝප් මුල් පුටුව මහින්දානන්දට ?   
පොදු ව්‍යාපාර කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත් කළ යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් ඉදිරිපත්ව ඇති බව දේශපාලන අරචි මාර්ග පවසයි. පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් කාරක සභාව (COPA) සඳහා සභාපතිවරුන් අද (07) දින පත්කිරීමට නියමිතව ඇති අතර එම කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම පසුගිය බදාදා දිනයේදී සිදු කෙරිණි. අද දින එම කාරක සභා පළමු වරට රැස්වීමට නියමිතය.  මෙම පළමු රැස්වීමේදී එම කමිටු සාමාජිකයින්ගේ එකඟතාව අනුව සභාපතිවරුන් පත් කරගැනීම සිදු කෙරේ. පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ වංචා සහ දූෂණවලට එරෙහිව `ටොප් 10 කම්බාහොරු` නමැති ග්‍රන්ථයක් ද රචනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගෙනගිය `දූෂණ විරෝධී සටන` සලකා බලා ඔහුට මෙම තනතුර ලබාදිය යුතු යැයි පොහොට්ටුවේ මැති ඇමතිවරුන් පිරිසක් කරුණු දක්වා ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.