ස්පාටකස් සමු ගනියි !    

ස්පාටකස් සමු ගනියි !     
සුප්‍රකට ස්පාටකස් චිත්‍රපටයේ රඟපෑ ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී කර්ක් ඩග්ලස් සිය දිවි සැරිය නිමකරයි.  1916 දෙසැම්බර් 9 වැනිදා  නිව්යෝක්හි උපන් කර්ක් 2020 පෙබරවාරි 05 වැනිදා කැලිෆෝනියා ප්‍රාන්තයේදී වසර 103 ක ජීවන සිනමාවෙන් නික්ම ගියේ ය. 1960 තිරගත වූ ස්පාටකස් චිත්‍රපටයට අමතරව  The Strange Love of Martha Ivers (1946), Champion (1949), Ace in the Hole (1951), The Bad and the Beautiful (1952), Act of Love (1953), 20,000 Leagues Under the Sea (1954), The Indian Fighter (1955), Lust for Life (1956), Paths of Glory (1957),  Lonely Are the Brave (1962), and Seven Days in May (1964) ආදී චිත්‍රපටවල කර්ක් ඩග්ලස්ගේ විශිෂ්ට රංගනය දැකගත හැකි විය. සුප්‍රකට නළු මයිකල් ඩග්ලස්, කර්ක් ඩග්ලස්ගේ දෙටු පුත්‍රයා ය. 
kirkspartacus
spartacus 1960


ලාංකේය පොදු රසිකයා ස්පාටකස් හඳුනාගත්තේ පී. ඒ. ලීලාරත්න සිත්තරා, සිත්තර පත්‍රයට නිර්මාණය කළ ස්පාටකස් චිත්‍රකතාවෙනි.  `ස්පාටකස්` චිත්‍රකතාවේ ස්පාටකස් චරිතය, පී.ඒ.ලීලාරත්න විසින් නිර්මාණය කරන ලද්දේ කර්ක් ඩග්ලස් රුව ඇසුරෙනි.