පුරවැසි නඩුවෙන් ගෝඨා දිනුම් !

පුරවැසි නඩුවෙන් ගෝඨා දිනුම් !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ දින තුනක් තිස්සේ විභාග කළ අතර එම පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. ඒ අනුව, එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඔහුට තිබූ නීතිමය බාධාව ඉවත් වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් පනවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ යන සමාජ ක්‍රියාකාරිකයන් විසිනි.