කෙටිකතාවක් ලියා සිරගතව සිටි ශක්තිකට ඇප !

කෙටිකතාවක් ලියා සිරගතව සිටි ශක්තිකට ඇප !

දින 120 කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ලේඛක ශක්තික සත්කුමාරව ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය විසින් අද (5) නියෝග කර ඇත.

ෆේස්බුක් සමාජජාලයේ පළ කරන ලද කෙටිකතාවකින් බුදු දහමට අපහස වූවායැයි චෝදනා කරමින් කුරුණෑගල ශාසනාරක්ෂක බලමණ්ඩලය සහ බුදුදහම සුරැකීමේ යොවුන් පෙරමුණ නම් සංවිධානයක් එක්ව කළ පැමිණිල්ලට අනුව අපේ‍්‍රල් පළමු වැනි දා පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සත්කුමාරට එරෙහිව නඩු පැවරුයේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පණත ( ICCPR ) යටතේ ය. සත්කුමාර වෙනුවෙන් නීතිඥ සි.ඩබ්.ඩබ්.රත්නායක, බුද්ධදේව ගුනරත්න සමඟ නීතිඥ සංජය විල්සන් පෙනී සිටියහ.

කවුද මේ ශක්තික ?

ශක්තිකව සිර කළ මොකක්ද මේ ICCPR ?