විස්ස කෙටුම්පත අද(2) කැබිනට් මණ්ඩලයට !

විස්ස කෙටුම්පත අද(2) කැබිනට් මණ්ඩලයට !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වන විටත් නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ යෝජනාව නීතිපතිවරයාගේ අධීක්ෂණය සඳහා යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කර සිටියි. අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (2) පස්වරු 4.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නව රජයේ පළමු කැබිනට් හමුවේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණු අතර ඒ සඳහා ජනාධිපති නීතිඥ අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජී එල් පීරිස් යන අමාත්‍යවරුන් ඇතුළත් ය.