මේ වන විට දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. දින දෙකකට පෙර කළ පරීක්ෂණවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවත් මාතලේ, අම්පාර , බදුල්ල, අනුරාධපුර, කුරුණෑගල , මොණරාගල වැනි දිස්ත්‍රික්කවලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ය.