එජාප විශේෂ රැස්වීමක් හෙට (14 ) !

 එජාප විශේෂ රැස්වීමක් හෙට (14 ) !

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය තෝරා ගැනීමේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (14) පැවැත්වීමට නියමිතව ඇත.
පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්  සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ හෙට පස්වරු 3ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවයි.මීට ඉහතදීද අවස්ථා කිහිපයකදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී නව නායකයෙකු තෝරාපත් කර ගැනීම සඳහා සාකච්ඡා සිදු කෙරුණද එම සාකච්ඡා අසාර්ථක විය.

පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් කියාසිටියේ  හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බවයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා වී ඇති පුද්ගලයින්ගෙන් එක් අයෙකු ඉදිරි නායකත්වය සඳහා තෝරා පත් කරගැනිමට නියමිත අතර ඉන්පසු එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.