උසස් පෙළ විභාගය අද (12) ඇරඹෙයි !

 උසස් පෙළ විභාගය අද (12) ඇරඹෙයි !

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (12) මධ්‍යස්ථාන 2648 කදී ආරම්භ විය. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත කියා සිටියෙ මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 3 62, 824 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි. මෙහිදී සෞඛ්‍ය ආරක්ශිත ක්‍රමවේද අනුගමනය කරන බවත් සියලු අපේක්ෂකයින් පෙරවරු 7.30 වන විට විභාග මධ්‍යස්ථානවලට පැමිණි යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටින සිසුන් යොමු කළ යුතු විභාග මධ්‍යස්ථාන මෙසේයි,

ගනේමුල්ලේ පදිංචි සිසුන් – බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය

යක්කල, වීරගුල සහ ගම්පහ පදිංචි සිසුන් – මිරිස්වත්ත කැප්පෙට්ටිපොළ මහා විද්‍යාලයට

කිරිඳිවැල පදිංචි සිසුන් – කිරිඳිවැල මහා විද්‍යාලය

වැලිවේරිය සහ මල්වතුහිරිපිටියේ පදිංචි සිසුන් – වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය

දොම්පේ සහ පූගොඩ පදිංචි ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් – දොම්පේ සියනෑ ජාතික පාසල

නිට්ටඹුව සහ වේයන්ගොඩ පදිංචි සිසුන් – නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය

මීරිගම සහ පල්ලෙවෙල පදිංචි උසස් පෙළ සිසුන් – කල්එළිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය

මිනුවන්ගොඩ සිසුන් – කොටුගොඩ රාහුල මහා විද්‍යාලය

දිවුලපිටියේ සිසුන් – දූනගහ රණසිංහ මහා විද්‍යාලය

සීදූවේ සිසුන් – මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලය

ජා – ඇල සහ කඳාන පදිංචි සිසුන් – දෙහියාගාත හෝලි රොසරි විද්‍යාලය