රටවල් 4ක facebook ගිණුම් 1000ක් අවලංගුයි ! - ෆේස්බුක් සමාගම

රටවල් 4ක facebook ගිණුම් 1000ක් අවලංගුයි ! - ෆේස්බුක් සමාගම

අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ චෝදනා යටතේ රටවල් හතරක facebook ගිණුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් ෆේස්බුක් සමාගම විසින් අවලංගු කර ඇත. නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව සහ ඉන්දුනීසියාවේ සිට ක්‍රියාත්මක ගිණුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙසේ අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙලෙස facebook ගිණුම් හරහා අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ චෝදනා එල්ලවන ඕනෑම රටක facebook ගිණුම් අවලංගු කරන බවද ෆේස්බුක් සමාගම අවධාරණය කර තිබේ.