පැය 06 කින් පසු Fb ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්ත්වයට

පැය 06 කින් පසු Fb ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්ත්වයට

පැය 06 ක් පුරා බිඳවැටී තිබූ Facebook ආයතනයට අයත් Facebook, Messenger, WhatsApp සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය සේවා යථාතත්වයට පත් කරගැනීමට හැකිව තිබේ.

මෙම බිඳ වැටීමට හේතුව එහි රවුටර් පද්ධතියේ දෝශයක් බවයි වාර්තා වන්නේ.

මිලියන 10.6 ක් පමණ සේවා බිඳ වැටීම් වාර්තාව ඇති අතර
මෙය මෙම සේවාවන්ට අදාළව මෙතෙක් දුටු විශාලතම බිඳවැටීම බවයි, බිඳවැටුණු වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන downdetector.com උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ෆේස්බුක් හි අවසන් වරට මෙවැනි බිඳ වැටීමක් වාර්තා වූයේ 2019 වසරේදීයි.

හදිසි බිඳවැටීම හේතුවෙන් පීඩාවට පත් වූ පරිශීලකයින්ගෙන් සමාව අයැද සිටින බව ෆේස්බුක් ආයතනය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙම සමාජ මාධ්‍ය හතරම එකවර බිඳ වැටීම නිසා පරිශීලකයන් විකල්ප සමාජ මාධ්‍ය වෙතද වැඩි වශයෙන් පිවිසීමට ක්‍රියාකර ඇති බව ඊයේ දක්නට ලැබුණි.