කවිය වතුර වගේ - ප්‍රේමය වගේ...!! නවකතාව ජීවිත විවරණයක්..!!

කවිය වතුර වගේ - ප්‍රේමය වගේ...!!   නවකතාව ජීවිත විවරණයක්..!!

වසරේ විශිෂ්ඨතම ‘කාව්‍ය කෘතිය’ , ‘කෙටිකතා සංග්‍රහය’ සහ ‘යොවුන් නවකතාව’ සඳහා ප්‍රදානය කරනු ලබන ‘’රජත පුස්තක සම්මානය’’ සඳහා මේ වසරේ (2019) අවසන් වටයට නිර්දේශ වී ඇති සාහිත්‍යය කෘතීන් රචනා කරන ලද සාහිත්‍යකරුවන් කිහිප දෙනෙකු හමුවේ අප තැබූ ප්‍රශ්ණ තුනකට, තිදෙනෙකු පිළිතුරු බැඳ තිබිණි. මේ එම සාක්ෂි ත්‍රිත්වයයි..

 

‘’අලි ඩෝලේ’’ යොවුන් නවකතාව රචනා කරන ලද මහින්ද කුමාර දළුපොත

 image 00a541da72

 

1. ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද?

ජනශ්‍රැති පර්‍යේෂකයෙක්. අපේ රටේ අපේ ජන උරුමය හා බැඳුණු ජනශ්‍රැතීන් ශීඝ්‍රයෙන් නැතිවී යනවා. මේවා මතු පරම්පරාවට දැනගන්නට සැලැස්වීම අද දවසේ ජීවත්වන අපේ යුතුකමක්. මා ජනශ්‍රැතිය ලේඛනගත කරන්නේ මේ අරමුණින්. මේ වෙනකොට වී බිස්ස, වැව හා සංස්කෘතිය, අත්තම, අපේ ජනක්‍රීඩා, ගොවි ගෙදර මෙවලම් වගේ ජනශ්‍රැතීන් ගැන පොත් හතළිහකට වැඩිය මුද්‍රණය කර තිබෙනවා. ඒවගේම රූපවාහිනී හා ගුවන්විදුලි මගින් මේ ජනශ්‍රැතියේ තියෙන අස්පර්ශනීය වටිනාකම කියාදෙන සම්පත්දායකයෙක් විදිහටත් වැඩ කරනවා. ඒ අතරම මා ලබන ජනශ්‍රැති අත්දැකීම් කවිය, යොවුන් නවකතාව, හා නවකතාව ඔස්සේත් බෙදාගන්නට මා වෑයම් කරනවා.

 

2. ඔබට අනුව " නවකතාවක් " කියන්නේ මොකක්ද?

image 94ce5bed20නව තාලයකින් ජීවිත විවරණයක් ලෙසයි මා නවකතාව දකින්නේ . එය කතන්දර කලාවේ සිට නූතන ආකෘතික සංදර්භයන් දක්වා වෙනස් විය හැකියි.

හැබැයි පොත අතටගත් පාඨකයෙක් වන මට රසයෙන් අනූනව කියවාගත හැකි එමෙන්ම වැඩමුළුවක් වගේ විනිවිද දැකිය හැකි වියමනක් වියයුතුයි.

3. අපි ජිවත් වන සමාජය ගැන ඔබේ අදහස මොකක්ද?

සමාජය ඉතාම යහපත්. එහෙත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් අයහපත්. ඕනෑම සමාජයක් හොඳ හෝ නරක වෙන්නේ මිනිස් ගති අනුවයි. 'මගේ වැරැද්ද අනෙකා පිට පටවන' හෝ 'නීතිය, අවනීතිය කරගත්' සමාජයක් යළි සැකසීමේ වගකීම තියෙන්නෙත් අපිටමයි. ඇයි අපි මේ සමාජයේ පුරවැසියන් නොවෙයිද?

 

 

‘’ කඩා වැටෙනා තරුවක් ‘’ කාව්‍ය කෘතිය රචනා කරන ලද ඉලක්ෂ ජයවර්ධන

51075976 2457359887672470 2104039031598743552 n


1. ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද?

මට මම ගැන ලොකු විග්‍රහයක් කරන්න අමාරුයි.මම ගැන වෙනත් අයට නම් අර්ථකථන ඇති.මට මම ගැන කියන්න තියෙන්නෙ පාලුව කාංසිය මකාගන්න කවියක් ලියන, රැකියාව ජීවිතය කරගත්තු තරුණයෙක් කියල තමයි.

2. ඔබට අනුව " කාව්‍ය " කියන්නේ මොකක්ද?59749335 2673944532680670 40600484762877952 n

කවිය වතුර වගේ දෙයක්.ඒ කියන්නෙ හැඩයක්, පැහැයක් නැහැ. කවියක් කිව්වහම මට එක දෙයක් හිතෙන්න පුළුවන්. ඔයාට තව දෙයක් හිතෙන්න පුළුවන්.තව කෙනෙක්ට තව දෙයක් හිතෙන්න පුළුවන්.වතුර ටිකක් අරන් විවිධ භාජනවලට දැම්මහම විවිධ හැඩ ගන්නවා වගේමයි කවියක උපතත්. කවිය කියන්නෙ ඉබේ පහළවන මිනිස්සුන්ගෙ ආත්මය තුළින් තමාව නිදහස් කරගන්න අමුතුම වස්තුවක්. ඒක මොකක්ද කියන්න නිර්වචනයක් කවුරුත්ම හරියට දීලා නැහැ .

3. අපි ජිවත් වන සමාජය ගැන ඔබේ අදහස මොකක්ද?

අපි අද ජීවත්වන සමාජය කියන්නෙ විකෘතියක්.ඉස්සර එහෙම නෑ දැන් එහෙමයි කියල නෙමෙයි කියන්නෙ.ඒත් දැන් ඒ තත්වය වැඩියි.අපි රැවටෙනව කියල දැන දැනම හරි ආසාවෙන් රැවටෙනවා.පස්සෙ අපිම ඒ රැවටීම සාධාරණය කරගන්න හේතු හොයනවා.මිනිස්සු ගොඩක් දුරට කරන්නෙ චරිතයක් රඟපාන එක ඒ කියන්නෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න උත්සහ කරනවා.නිදහස් චින්තනය කියන එකා පවා රැල්ලක් විතරයි.මම කවියෙක් නම් කවියෙක් මෙහෙමයි ඉන්න ඕන කියලා හිතන් අපි එහෙම චරිතයක් රඟපානවා.අපිට අපිම වෙන්න බෑ.ඒකට මේ සමාජයේ ඉඩක් නෑ.ඉතින් ඒ දිහා පැත්තක ඉඳන් බලන් ඉන්න එක නම් මාර ආතල් වැඩක්.

 

‘’මල්වඩම් සිනාසිය යුතුය’’ කාව්‍ය කෘතිය රචනා කරන ලද දිනූ රාජගුරු

 22519095 1709376389104239 2844275561170546935 n

1. ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද?

මම කැමතියි මාව වෙනත් කෙනෙකුගේ ඇසින් හෝ හදවතින් දකින්න ....කියවන්න

2. ඔබට අනුව " කාව්‍ය " කියන්නේ මොකක්ද?

සමහර දේවල් තියෙනවා එක හැඩයක් ඇතුලේ තවත් හැඩතල සහ ස්වරූප විශාල ප්‍රමාණයක් අත් පත් කරගන්නට සමත් වුණු. හරියට
ප්‍රේමය වගේ .හරියට කවිය වගේ.එහෙම තැනකදි වචන යම් ප්‍රමාණයකට අසමත් .මගෙ හදවතට වඩාත්ම දැනෙන විදියට මිනිස් පැවැත්මක අතිශයින්ම සංවේදී වූත් අතිශයින්ම සෞන්දර්යාත්මක වූත් කලාපය කියන්නෙ "කවිය"60621815 2336041676665670 1751572244099760128 n

3. අපි ජිවත් වන සමාජය ගැන ඔබේ අදහස මොකක්ද?

හෘදසාක්ෂිය අහිමි කරගැනීම නිසා අඩක් නිර්වින්දනයටත් අඩක් උමතුවටත් පත් සමාජයක්.ප්‍රේමය, ආත්ම විශ්වාස වගේම යහපත්
බලාපොරොත්තු එන්නත් කළ යුතුයි. ගොඩ වෙද්දු හෝ හොර වෙද්දු එහෙව් සමාජය තව දුරටත් තල්ලු කරන්නෙ මරණයට පමණයි.නිර්මාණකරුවෝ ඇතුළු ප්‍රජාවෙන් යම් පිරිසක් මේ ඛේදවාචකය වටහාගෙන සිටීම සුබ ලකුණක්.