වැඩ වැඩිනම් නාට්‍ය කරන්න එපා ! ජූඩ් ශ්‍රිමාල්ගෙන් අවවාදයක් !!

වැඩ වැඩිනම් නාට්‍ය කරන්න එපා ! ජූඩ් ශ්‍රිමාල්ගෙන් අවවාදයක් !!

කලෙක සිතුවම වේදිකාවක් කරගත් ජූඩ් ශ්‍රීමාල්, රංග සිතුවම් සඳහා වේදිකාව සංවිධාන කරන්නට පටන් ගෙන හතලිස් වසරක් ගත වූ තැන, comrade.lk සමග කළ කෙටි කතා බහ මෙසේය !

 

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - ගජසිංහ ආරච්චිගේ ජූඩ් ශ්‍රීමාල් ඇලෙක්සැන්ඩර් ද සිල්වාගේ ළමාවිය සහ නවයොවුන් විය, ජූඩ් ශ්‍රීමාල්ට පේන්නෙ කොහොමද කියල comrade.lk පාඨකයන්ට කියන්න.

ජූඩ් ශ්‍රීමාල් - ළමා වියේ බොහොම අහිංසක කීකරු ළමයෙක් හිටියා. නව යොවුන් වියේදී හිතුවක්කාර මඳක් අකීකරු කොක්කට බර කඩාගෙන යන ගතියක් තිබුණා. දැන් නම් ඒ දෙකෙන්ම ටිකක් ඈත් වෙලා ඉන්නවා කියලයි හිතෙන්නේ. Mr JUDE pic 004

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - ජූඩ් ශ්‍රීමාල් නමින් යුත් චිත්‍රකතා ශිල්පියා සහ නාට්‍ය ශිල්පියා අතර තරගයක් තිබ්බද - එහෙමත් නැත්නම් දෙන්නගෙන් එක්කෙනක් නිතරගයෙන් පසු බැස්සද ?

ජූඩ් ශ්‍රීමාල් - පසුබහින්න කිසිම තරඟයක් තිබුනේ නෑ. ඒ දෙන්නට දෙන්නා බොහොම සහයෝගයෙන් කාලවේලාව බෙදාගෙන වැඩ කටයුතු කළා. හරියට එකගෙයි කනව වගේ. නමුත් දැන් චිත්‍රකතා අඳින්න මම කාලය යොදවන්නේ නැත්තේ මගේ චිත්‍රකතා ශෛලියට සෑහෙන්න වෙහෙසක් ගන්න ඕන නිසා. නමුත් මම තාමත් චිත්‍රකතාවට ආදරෙයි. 

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - ජූඩ් ශ්‍රීමාල් කියන නාට්‍ය සංවිධායකයා කියනව, ```මට තාම හතලිහයි`` කියලා.. ඇයි එහෙම කියන්නෙ ? මොනවද ඒ වෙනුවෙන් කරන්නෙ ?Slide2 MATA THAMA 40

ජූඩ් ශ්‍රීමාල් - ඒ නාට්‍ය සංවිධායකවරයා ඒ කෙරුවාව කරන්න පටන් අරගෙන 2019 වසරට අවුරුදු 40ක් සම්පූර්ණ වෙනවා ඒ වෙනුවෙන් ලංකාවේ පුරෝගාමී නාට්‍යකරුවෝ හත් දෙනෙකුගේ හොඳම නාට්‍ය හතක් වේදිකාවට කැඳවනවා. අපි බලමු ඒවා පිළිගන්න ප්‍රේක්‍ෂකයෝ සූදානම් ද කියලා. Quarter Page Ad ENG 02 MataThamaHathalihai DFLW without sponsors logo

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - ඉතා ම බැරෑරුම් අතීතය පවා වර්තමානය පහුකරගෙන අනාගතයට යනකොට, ඉතා ම සැහැල්ලු ලෙස පේන්න පටන් ගන්නවා.. ඒ තමයි ජීවිතේ හැටි. ඔබ ඔබේ අතීතය දිහා බලා ඉන්නකොට මොනවද හිතෙන්නෙ ?

ජූඩ් ශ්‍රීමාල් - අතීතය ජීවිතයට ගේන්නේ පුදුම සතුටක්. අතීතය ගැන හිතනකොට මට හිතෙනවා මම අතීත කාමියෙක් දෝ කියලා. අතීතයේදී මං ලබපු අත්දැකීම් හා ඒ තුළින් විඳපු දුක හරි සතුට හරි රැඳිල තියෙන මතකයත් හදවතට ගේන්නේ පුදුම සැහැල්ලුවක්. වර්තමානයේ ජීවත් වන අපිව අනාගතයට තල්ලුකරන් යන්නේ අතීතයේ දී අපි ලබපු පන්නරය කියලයි මට හිතෙන්නෙ 

Kuweni 4R

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - හෙට දවසේ එන්න ඉන්න අලුත් නාට්‍යකාරයෙකුට උපදෙසක් දෙන්න ලැබුණොත්, දශක හතරක් වේදිකාව එක්ක පොරබදපු සංවිධායකයෙක් හැටියට මොකද්ද ඔබ කියන්නෙ ?

ජූඩ් ශ්‍රීමාල් - ඔබට කරන්න ගොඩක් වැඩ තියෙන්න පුළුවන්. ඒ වැඩ ඔක්කොම අස්සේ නාට්‍ය කරන්ඩ යන්ඩ එපා. ඒ අමතර වැඩ ඔක්කොම පස්සට දාලා නාට්‍ය වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම් ප්‍රතිඵලය අමිහිරි වෙන එකක් නෑ. වැරදිලා වත් අමිහිරි උනොත් ඒකත් කවද හරි මිහිරි මතකයක් වෙයි. Sudu saha Kalu 10 copies 4