අරගලය සහ අබ්බ සිරිමත්ලා

අරගලය සහ අබ්බ සිරිමත්ලා

"ගෝඨාභය රාජපක්ෂ මාර පොරක්, එයා සිස්ටම් වෙනස් කරනවා බලා ඉඳලා තියෙනවා, එයාගෙ ටීම් එක බුදු අම්මෝ මෙහෙමයි එහෙමයි " කියපුවා දෙපරැන්ද පැත්තෙන් ගියානෙ...

අරගලකරුවනි,

නාගරික සහ අර්ධ - නාගරික මධ්‍යම පාන්තිකයා නම් වූ අබ්බ සිරිමත් ඊළඟට තම සිංග්ගප්පූරු සිහිනයේ "ස්පොට්ලයිට් " එක අල්ලගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහටය.....අබ්බ සිරිමත් නිතර දකින ඉලෙක්ට්‍රික් බස්, මර්සිඩීස්, ඩිජිටල් ස්මාට් සිටී සිහිනය දුරස් වීමේ කෝපය නිසා පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් කේන්තියෙන් සිටියත්, ඔවුන්ගේ පුංචි සුරතල් ලෝකවලට අලුත් වීරයෙක් පැමිණ සිටියි.

අබ්බ සිරිමත්ලාගෙන් සමහරු මෙච්චර කල් රනිල්ට එච්චර සැළකුවේ නැත්තේ, සිංග්ගප්පූරු සිහිනය සැබෑ කරගන්නා ගමන්ම, සි.බෞ රට ජාචිය හාගම රකිනවා කියන ඒ අමා මහ කාර්ය භාරය බයියප්පොච්චිලා කරලා දෙන බවට කැට අල්ලා තිබුණු නිසාය. අබ්බ සිරිමත්ලාගෙන් බහුතරය ඉන්නේ බටහිර පරිභෝජනවාදී නූතනත්වයක ජීවත් වෙන ගමන්ම, සි.බෞ ටූ තවුසන්ඩ් ෆයිව් හන්ඩ්‍රඩ් ප්ලස් අම්මටාහුඩු එකත් කෝම හරි "රැකගන්න" ගේමක් දෙන්න ඕන කියන අනන්‍යතා අර්බුදයක හිරවෙලාය. මේ දෙක ලොවෙත් එකට කරන්න විදියක් නැති බව බොහෝ අබ්බ සිරිමත්ලාට නොතේරුණේ, චීන අධිරාජ්‍යවාදීන් විසින් උන්ගේ බයියප්පොච්චිලාට ඕනෑ තරම් සල්ලි පොම්ප කරමින් සිටි නිසාය. ණයට අරගෙන එයාපෝට්, සී පෝට්, පෝට් සිටි හදාගෙන එනකොට "ටෞඩු බං ! ඒකයි මේකයි දෙකම අපිට ලැබෙන්නයි යන්නෙ" කියන කුඩු ෆැන්ටසියේ අබ්බ සිරිමත් ට්‍රිපක් ගියේය....තුම්මුල්ලේ අටපාස් ලෙමන් පෆාගේ කටින් නන්දෙ වගේ බම්බරුවෙක් "ලී ක්වාන් යූ " ටත්, මයිනා වගේ ගෝනි බිල්ලෙක් "මහතීර් මොහොමඩ්ටත්" සමාන කෙරුණේ නිකන් නෙමෙයි.... ලෙමන් පෆා සිංග්ගප්පූරුවේ අති - නූතන සංවර්ධනය එක පැත්තකින් පතන අතරේම, මැලේසියාවේ සිදුවූ ආගමිකත්වයට සහ සංස්කෘතිකත්වයට යම්තාක් දුරකට කීකරු සංවර්ධනය අනික් පැත්තෙන්ද බලාපොරොත්තු විය....

අපට අටපාස් ලෙමන් පෆාට දොස් කිව නොහැක්කේ, මොන තරම් ඉගෙන ගෙන තිබුණත් අපි හැමෝම අපේ ජීවිත වල එක්තරා කාලයකදී හෝ අබ්බ සිරිමත්ලා වෙලා සිටි නිසාය....

ස්වර්ගය පතබෑවුනු පසුව, තෙල් පෝළිම් වල පීඩාව දැනී අබ්බ සිරිමත්ට මළ පැන්නේය.....ෆෑන් එක අක්‍රීය වීම නිසා අබ්බ සිරිමත්ට තදේට දාඩිය දමන්නට වූ හෙයින් එසේ පැන්න මළ තවත් දරුණු විය...පැන්න මළේ සයිස් එක කොච්චරදැයි කිව්වොත්,  මුලින් ෂිවු මා බැබූන්ස් විවරණ දී එවූ අප්පොච්චා පන්නාගෙන, පසුව වැඩකරන විරුවෙක් වූ නන්දිවිසාල්ද පන්නා දමන තරමට අබ්බ සිරිමත් දරදඬු විය....

ගමනක් බිමනක් යන්න නැතුව, රස්සාවට යාගන්න නැතුව, බඩගින්නේ, ණය කන්දරාවකට යටවී, නප්පියටම කෙළ වෙලා ඉන්න වෙලාවට සි.බෞ ටූ තවුසන්ඩ් ෆයිව් හන්ඩ්‍රඩ් ටසිරි එක උනත් හොඳ ගාණකට ආවොත් දෙන්න අබ්බ සිරිමත්ට හැකිය. ඒක මේ රටේ අබ්බ සිරිමත්ලාගේ පමණක් නොව, ලෝකයේ සියළු රටවල අබ්බ සිරිමත්ලාගේ පොදු ලක්ෂණයකි. දේශ ප්‍රේමය, ජාතික අභිමානය, ආගම වගේ දේවල් කුසගින්න, මූලික අවශ්‍යතා හමුවේ ගුද මග ඔස්සේ පලා යයි....ඉතින් මෙරට අබ්බ සිරිමත්ද දැන් ඒ ස්ථානයට පැමිණ සිටින නිසා, "සි.බෞ ටූ තවුසන්ඩ් ෆායිව් හන්ඩ්‍රඩ් එක නැතත්, සින්ගප්පූරු සිහිනයවත් ඔන්න ඔහේ කරලා දෙන්නකෝ" කියමින් බයියප්පොච්චිලාගේ රසික රසිකාවියන් දැන් රනිල් වික්‍රමසිංහට කීකරු වෙමින් සිටිති......

අනෙක් අතට එදා සිට අද දක්වාම රනිල් වික්‍රමසිංහට පමණක් සිත මතුයෙන්ද, සිත යටින්ද කීකරුව සිටි අබ්බ සිරිමත්ලාට දැන් ඔවුන්ගේ වීරයා ලෙලෙන සාලුවක් ඇඳ, පපුවේ තඩියට "එස්" අකුර ගසාගෙන, කලිසමට පිටින් ජොකා ඇඳගෙන උදෑසන හිරු එළිය සමඟ ආකාශයෙන් අවුත් කොළඹ නාගරිකයේ වීදියට බසිනු පෙනේ.... ඒ වීරයාගේ සාලුව මඳක් එහාට මෙහාට වනවිට ඔවුන්ට හොලිවුඩ් සිනමා පට වල තරුණ තරුණියන් පාවිච්චි කරන "නයික්, අඩිඩාස්, ජේ.බී.එල්, ඇපල්, ආදී මූලික බ්‍රෑන්ඩ් වල සිට හාලි ඩේවිඩ්සන්, ඩොජ් ආදී වූ අතිශය සංකීර්ණ බ්‍රෑන්ඩ් දක්වා වැටී ඇති සෞභාග්‍යයේ මල් මාවත" දැන් පෙනෙන්නට පටන් ගෙන තිබේ....

හිතවත් අරගලකරුවනි,

අබ්බ සිරිමත් බොහෝවිට දකින්නේ දේවල් වල අන්තිම ඵලය මිස, එතනට යන පාර නොවේ.... මේ හෙරොයින් ෆැන්ටසි මහ පොළවේ ඉදිකරන්නට ගොස් චීන අධිරාජ්‍යවාදීන්ගේ ණය ගේමට හසුවන්නට ලංකාවට සිදුවුනේද මෙන්න මේ නිසාය.....

අබ්බ සිරිමත් අරගලයට ආවා නම් ආවේද "යුක්තිය, සාධාරණය, සමානාත්මතාවය, සමාන අවස්ථා, විෂමතා තුරන් කිරීම, විවෘත සමාජය, දේශපාලනයේ පාරදෘෂ්‍යභාවය, නීතියේ ආධිපත්‍යය" වගේ සංකීර්ණ සීන් නිසා නොවේ..... හැකි ඉක්මණින් ගෑස් ටැංකිය, පෙට්‍රල් ටික සහ ෆෑන් එක නැවත හිමි කරගෙන, ටීවී එකෙන් මතු ඉදිවන ලංකා - සිංග්ගප්පූරුවේ මෙගා ප්‍රොජෙක්ට් වල දෑස් නිළංකාර වන කාන්තිය සියැසින් දැකගන්නටය.....

රනිල් දැන් ඒ දේවල් ලබාදෙනු ඇතැයි අහිංසක අබ්බ සිරිමත් සිතන නිසා, අබ්බ සිරිමත්ට දැන් දැන් අරගලය වහකදුරු වෙමින් පවතී... අරගලකරුවන් ගංජාකාරයන්, රස්තියාදුවන්, නිකමුන්, නූගතුන්, දේශ ඩ්‍රෝහීන් වෙමින් පවතී....අබ්බ සිරිමත් කවදාවත් සමස්ථය දකින්නේ නැත....ඒ නිසා එදා, සීලිං ෆෑන් එකේ සිසිල් සුළඟ අහිමිවීමේ වේදනාව හේතුවෙන් ගෝල්ෆේස් එකේ සිංහ කොඩියකුත් උස්සගෙන "ජෑවේවා ! ජෑ මා කාළී !" කිය කියා දිවූ අබ්බ සිරිමත්ලා එකා දෙන්නා දැන් අරගලයට මඩ ගසමින්, අරගලයේ අමාරුම දවස් ඇද්ද උන්ගේ කොණ්ඩා රැවුල් සහ ශරීර දුර්ගන්ධය මැනීමට පටන් ගෙන තිබේ....

අබ්බ සිරිමත්ගේ පරාසයෙන් ඔබ්බට ගොස් කවදත් කටු කමින් අරගලයේ සටන් කොටස කළ අයව ඔහුට එදා වීරයන් ලෙස පෙනුනත්, අද මේ වනවිට ඔවුන්ව හෙළා දැකීම ආරම්භ වී තිබේ.....

යම් හෙයකින් ටික දිනකට හෝ ගෑස්, පෙට්‍රල්, ඩීසල් පෙර පරිදි ලබා දෙන්නට වික්‍රමසිංහ සමත් වුවහොත් අබ්බ සිරිමත්ට ආයෙම රට ජාචිය  හාගමද මතක් වී "ඩයස්පෝරා මෙව්වා එක, ක්‍රිස්තියානි ඇජෙන්ඩාව, බටහිර පිල්ලි"  වැනි අබ්බ සිරිමත්ලා නින්දට දමන්න බයියපොච්චිලා කී කතන්දරද වල එන රකුසන්ද අරගල භූමියේ දකින්නටත්, ඉන් පසුවත් අරගලයේම ඉන්නා අයට පහර දී එළවා දමන්නටත් සෑහෙන්න ඉඩක් තිබේ...

අරගලකරුවනි,

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ නම් සුපිරි මිනිසාට ඒ අමා මහ සින්ගප්පූරුව අබ්බ සිරිමත්ලාට දායාද කරන්න තිබෙන එකම බාධකය ලෙස අබ්බ සිරිමත්ලා හඳුනාගනිමින් සිටින්නේ ඔබවය....

පොඩ්ඩක් අඩියක් පසුපසට තබා, අරගලය පවත්වා ගන්නා අතරම, සාපේක්ෂව වැඩි නිහඬතාවයකින් යුතුව බලා සිටින්න....නැතහොත් අහිංසක අබ්බ සිරිමත් ඔබ දරුණු සතුරෙකු ලෙස දැක මොනවා කරාවිදැයි දන්නේ නැත....

මේ අර්බුදයේ තරමම මම ඉතාම හොඳින් දනිමි....ශාස්ත්‍රීයවත්, අත්දැකීමෙනුත් දනිමි.....තව මාස දෙකක් දෙන්න.....අබ්බ සිරිමත් විලාප කියමින්, හිසකෙස් උදුරා ගනිමින් වීදි බසිනු ඇත.....එදාට මේ මොහොතේ ඔබට ගල් කැට විසි කරන අබ්බ සිරිමත්ව උණුසුම්ව ආදරයෙන් වැළඳගන්න සූදානමින් ඉන්න......

| දමිත් කේතක |