ගොඩගේ අත්පිටපත් තරග ප්‍රතිඵල පිටවේ

ගොඩගේ අත්පිටපත් තරග ප්‍රතිඵල පිටවේ

2020 ගොඩගේ අත් පිටපත් තරගයේ සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාම ප්‍රකාශයට පත් කර තිබේ.
පවතින තත්ත්වය යටතේ සම්මාන ප්‍රදානෝත්සවයට දින නියම කිරීමට අවස්ථාවක් නොමැති හෙයින් ජයග්‍රාහී කෘති නාම ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට සංවිධායක කමිටුවේ තීන්දුව වූ බවත්,ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2021 පවත්වන දිනයට සමගාමීව අත්පිටපත් සම්මාන ප්‍රදානය සිදු කිරීමටත්, මුද්‍රිත කෘති අලෙවිය සඳහා නිදහස් කිරීමටත් දැනට තීන්දුවක් ගෙන ඇති බව වැඩි දුරටත් දැක්වේ.

ඊයේ (ජුලි 01) ගොඩගේ අත්පිටපත් තරගයේ සම්මාන කමිටුව විසින් මේ පිළිබඳව නිවේදනය කරන ලදි.


2020 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් ප්‍රතිඵල මෙසේයි.

නවකතා

සමීක්ෂක - ප්‍රවීණ ලේඛිකා සේපාලි මායාදුන්නේ මිය


1. සුදු කළුවර - නන්දිකා රණවීර
2. තුන්ඩික කතාවක් - අනුර රෝහිත විජයකෝන්
3. කර්මජ - අභිෂේකා විමලවීර
4. ස්වමිතා මුකුරේරු - රෝහිත කොටුවේගෙදර
5. වෑ බැම්ම නොහුලයි - ජයසේන දිසානායක
යන අත්පිටපත් කුසලතා මට්ටමේ ඇගයීමක් සහිතව මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

02.  කෙටිකතා -

සමීක්ෂක - ප්‍රවීණ විචාරක සුලෝචන වික්‍රමසිංහ මහතා

සම්මාන ඵලකය - මුදල් තාග්‍යය- සහතික පත්‍රය සහ පොත් කට්ටලයක් තැගී ලෙසින් ප්‍රදානය කෙරෙන 2020 වසරේ ජයග්‍රාහී කෙටිකතා අත්පිටපත
                සංසාර කමටහන් - සුනිිල් වික්‍රමසිංහ

ප්‍රශස්ත ඇගයීම 1. කළුවරට බය කාමරේ ඇතුළෙ - කසුන් සමරතුංග
                      2. හැමෝම මතක් කළා කියන්න - භාග්‍ය පණ්ඩිතරත්න

මුද්‍රණය සඳහා සුදුසු කුසලතාවක් දක්වන ලද අත්පිටපත්
        1. අකුණු සැරය - ආර්. එම්. උමංගා ඔෂධි
        2. 8851 සහ තවත් කතා - අචිනි දිල්ෂාණි නාකන්දල
        3. ආදරෙයි වැලෙන්ටිනා -  කවීෂා හසානි මුණසිංහ
        4. සරාගි කමටහන් - ස්වර්ණා කාන්ති පෙරේරා
        5. තිස් අට සහ තිස් නවය - සමන්ත වික්‍රමසිංහ
        6. කවියාගේ සිහිනය - චින්තක දොඩම්පෙගම
        7. ලොකු හාමුදුරුවන්ගෙ බර්ත් ඩේ පාටිය - ජගත් මුතුකුමාරණ
        8. හන්තාන ආදරේ - සරත් නිතලව
        9. ආදරණීය චෞරයා - සංජීව ප්‍රසන්න ෆොන්සේකා

03. කාව්‍ය සංග්‍රහ -

සමීක්ෂක - ප්‍රවීණ ලේඛිකා  කල්පනා ඇම්බ්‍රොස් මිය

        සම්මාන ඵලකය - මුදල් තාග්‍යය - සහතික පත්‍රය සහ පොත් කට්ටලයක් තෑගි ලෙසින් පිරිනැමෙන ජයග්‍රාහී  කාව්‍ය සංග්‍ර අත්පිටපත
        
                          කෑ ගා අඬගසන් සකි - රන්සර බණ්ඩාර

ප්‍රශස්ත ඇගයීම්
                1. ළා රත් පැහැති දෙතොලක සිනහවක් - හෂාන් රන්දික ඩයස්

මුද්‍රණය සඳහා සුදුසු කුසලතා දක්වන ලද අත්පිටපත්
                1. සරුංගල් ප්‍රේමිය - වින්යා මැණිකේ ජයසේකර
                2. දුහුල් නැවතුම් අගිසි - පසන් සංජය සමරතුංග
                3. සිියලු දේ කාලය ම අල්ලා ගැනීමක - සුනිල් වික්‍රමසිංහ
                4. සටන් සියයකට පසු - රණතුංග මල්ලවආරච්චි
                5. බිමට වට සිත - එරන්දි ඉරේකා තිරාණගම
                6. කුහුඹුවන් සහ අලි ඇතුන් -  චන්ද්‍රසෝම බදුගම
                7. අනාත්ම - අර්ජුන් රණසිංහ
                8. හද තව සුවෙනි සුරුවෙනි - ගිහාන් මධුසංඛ හෙට්ටිආරච්චි
                9. හරස් වීදියේ සිට - අනුපමා ගනේගොඩ
               10. දම්පාට මේකුළ - මේඛලා උදාරි ලියනගේ

04. යොවුන් නවකතා -

සමීක්ෂක අනුරසිරි හෙට්ටිගේ

සම්මාන ඵලකය - මුදල් තාග්‍යය - සහතික පත්‍රය සහ පොත් කට්ටලයක් තැගී ලෙසින් පිරිනැමෙන ජයග්‍රාහි යොවුන් නවකතා අත්පිටපත

                 පැරා නිඳු - මුණිපාල පන්නිල
ප්‍රශස්ත ඇගයීම්
        1. නාඳුගල මාමා - සරත් මුණසිංහ ආරච්චි
         2. මේක සොඳුරු ලෝකයක් - යමුනා සමරදිවාකර

මුද්‍රණය සඳහා සුදුසු කුසලතා දක්වන ලද අත්පිටපත්
        1. මී මුත්තගෙ ජානකිටුව - ස්වර්ණපාලි ගුණසේකර
        2. දෙලොවට ඇති ළමයි - ඥානසේන පතිරණ
        3. එකොළහ බී - අමිතා රබ්බිඩිගල
        4. ගල් - එම්. ලීලානන්ද පෙරේරා
        5. රන්ගල කන්දේ නිධානය - චතුර චාමින්ද
        6. ගිරිලෙනක අදිසිව - කේ. ජී. අයෝධ්‍යා සොනාලි
        7. දිය ඇල්ල පාමුල - සචිනි හිමාෂිකා අමරසිංහ

මෙම තරගයේ සම්මානලාභී සහෘද නිර්මාණකරුවන්ට Comrade.lk සුබ පැතුම්!