සයිබර් ප්‍රහාරයේ ඇතුලත කතාව මෙන්න !

සයිබර් ප්‍රහාරයේ ඇතුලත කතාව මෙන්න !

මොකද්ද මේ YouTube Hack

සයිබර් ප්‍රහාර කියන එක ලෝකයට අලුත් දෙයක් නොවුනත් අපට වඩාත් සමීපව දැනෙන්නේ අපේ රටට සමීපව එහෙම අත්දැකීමක් ලැබුණම.මෑත කාලයේ අපේ රටේ You tube නාලිකා කිහිපයක්ම එවැනි සයිබර් ප්‍රහාරයන්ට ලක්වුණා.
වැඩි subscribers ලා ප්‍රමාණයක් ඉන්න youtube channel හැකර්වරුන්ගේ පාලනයට ගැනීම නැත්තම් hijack කිරීමයි ඒ විදියට දකින්න ලැබුණේ.
ආසන්තම සිදුවීම ඊයේ සිදුවුණත් මේ කාල වකවානුව තුල තවත් විශාල subscribers ලා  ප්‍රමාණයක් සහිත නාලිකා කිහිපයක්ම එලෙස සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසු වුණා.

Digital මුදල් වංචාවක්


Cryptocurrency කියන ව්‍යවහාර මුදල් ඒකකය භාවිතයෙන් ලෝකේ ඕනෑ තරම් ගණුදෙනු සිද්ධ වෙනවා.නමුත් මේක ඒ නීත්‍යානුකූල වැඩේ නෙවෙයි.Bitcoin වැනි ව්‍යවහාර මුදල් ඒකක වල ආයෝජනය කරන්න කියල කියන වංචාවක්.
පසුගිය දිනවල සයිබර් ප්‍රහාරකයින්ගේ ග්‍රහණයට හසුවුණ යූටියුබ් නාලිකා වල මෙම මුදල් වංචාවට අදාල සජීවී වීඩියෝ පට ප්‍රචාරය කෙරුණා.

මේ සයිබර් ප්‍රහාරකයින් වැඩි subscribers ලා ප්‍රමාණයක් ඉන්න යූටියුබ් නාලිකා තමන්ගේ ග්‍රහණයට ගන්නේ මෙන්න මේ පණිවිඩය ඒ නාලිකා හරහා යවන්න.ඒක හරියට නීති විරෝධී වැඩක් කරන්න අනුන්ගේ වාහනයක් මංකොල්ල කනවා වගේ වැඩක්.එයාලා මේ විදියට සජීවීව එයාලගෙ පණිවිඩය කියන අතරෙ එයාලගෙ ගිණුම් වලට ඩොලර් ට්‍රිලියන ගණන් මුදල් ගෙන්න ගන්නවා.

චැනල් එක හැක් වුණාම මොකද වෙන්නෙ?


මේ දවස්වල දකින්න ලැබෙන සයිබර් ප්‍රහාරය අනුව නම් සිද්ධවෙන්නේ අදාල චැනල් එකේ logo එක සහ නම ප්‍රහාරකයින්ගේ ව්‍යාජ logo එකකට සහ නමකට මාරු කරගන්නවා.ඒ වගේම ඒ චැනල් එකේ මෙතෙක් තිබුණ සියළු වීඩියෝ unlisted කරලා සඟවනවා.එතකොට අදාල චැනල් එකේ තිබුණ කිසිම දෙයක් පිටට පේන්නේ නැහැ.ඊට පස්සෙ එහි තියෙන එකම දේ ප්‍රහාරකයින් විසින් ප්‍රචාරය කරනු ලබන සජීවී වීඩියෝ පටය පමණයි.

මේ දවස්වල ලංකාවෙ චැනල් වලට සිදුවුණේ එවැනි ප්‍රහාරයක්.

නමුත් සමහර හැකර්වරු සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් අන්තර්ගතයන් මකන්නත් ඉඩ තියෙනවා.ඒ වගේම මේ වගේ ප්‍රහාරයකින් පස්සෙ subscribers ලා ප්‍රමාණය අඩු වීමත් සිදු වෙලා තියෙනවා.

තවත් අවස්ථාවල ඔබේ වීඩියෝ අතරට ඔවුන්ගේ දැන්වීම් tag කිරීමත් ඇතැම් හැකර්වරු සිදුකරනවා.

ප්‍රහාරයට ලක්වූ චැනල් එක ඔබේ නම්

ඔබට තවමත් ඔබේ චැනල් එකට ලොග් වෙන්න පුළුවන් වුණත් ඔවුන්ගේ live වීඩියෝ පටය ප්‍රචාරය වන අතරතුර එය ඉවත් කිරීමට උත්සහ කිරීම හෝ නැවත ඔබේ චැනල් එක යථා තත්ත්වයට පත් කිරීමට උත්සහ කිරීම නුවණට හුරු නැහැ.ඔබ වහාම youtube ආයතනයේ සහය ලබාගත යුතුයි.
එහි දැක්වෙන උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් ඔබට නැවත ඔබේ you tube චැනලය ලබා ගැනීමට හැකියි.නමුත් එය සුළු මොහොතකින් සිදු නොවන නිසා ඔබේ ප්‍රේකෂකයින් වෙනත් මාර්ගයකින් දැනුවත් කර තරමක කාලයක් බලා සිටිය යුතුයි.
එය නැවත ලැබුණ පසුවත් ඔබට ඔබේ චැනලය පෙර තිබූ තත්ත්වයට පත් කිරීමට තරමක වෙහෙසක් දැරීමට සිදුවෙනවා.

ඒ වගේම ඔබ මේ ගැන youtube ආයතනයට දැනුම් දුන්නෙ නැත්තම් youtube හි Community Guidelines
අනුව ඔබේ නාලිකාව block වෙන්න පුළුවන්.

youtube support link -
https://support.google.com/youtube#topic=9257498

හැක් නොවෙන්න මොනවද කරන්නෙ?

මේ සයිබර් ප්‍රහාරකයින්ට නම් two step verification එකෙන් රිංගන්න ක්‍රමයක් තියෙනව කියල තමයි කියන්නෙ.එයාල ඒක කරන විදිය තාමත් පැහැදිලි නැහැ.
කෝකටත් ශක්තිමත් password දාන එක, නිතර password වෙනස් කරන එය, වගේ සාමන්‍ය ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරන එක නුවණට හුරුයි.
ඒ වගේම ඔබේ චැනල් එක ගැන ඔබ අවධානයෙන් ඉන්න එක වැදගත්.ඔබේ දුරකථනය තුළ ඔබේ චැනල් එකට අදාළ notification පහසුකම සක්‍රීය නම් වීඩියෝ පටයක් ඊට ඇතුල් කළ වහාම ඔබට එය දැනගන්න පුළුවන්.
ඒ වගේම ඔබේ youtube චැනල් එකට පාවිච්චි කරන email එක වෙනත් දේවල් සඳහා ( ඇප් ලබා ගන්න, වෙනත් වෙබ් අඩවි වලට පිවිසෙන්න ) වගේ කිසිවකට භාවිත නොකර ඉන්න එක වාසියක්. මොකද හැම තැනම විවිධ විදියට තොරතුරු එකතු කරන හැකර්ල අතට ඔබේ email එක යන එක අනතුරක්.

Youtube විතරක් ම නෙවෙයි

මේ මුදල් වංචාව සම්බන්ධ පිරිස පහුගිය කාලෙ twitter සමාජ මාධ්‍ය තුලත් එයාලගෙ ප්‍රහාර දියත් කළා.ඒ වගේම facebook වැනි අනිත් සමාජ මාධ්‍යත් තමන්ගෙ වැඩ කරගන්න හැක් කරන කණ්ඩායම් ඉන්නවා.

ලංකාවට මේ දවස්වල බලපාන සයිබර්
ප්‍රහාරකයින් පෙනී ඉන්න විධි කිහිපයක් තමයි පහත දැක්වෙන්නෙ..