FB followers ලා අඩු වෙන්නෙ ඇයි ?

FB followers ලා අඩු වෙන්නෙ ඇයි ?

ඇතැම් Face book පිටු වල followers ලා ප්‍රමාණය අඩු වීම මේ වෙනකොට බොහෝ දෙනෙක්ට ගැටළුවක් වෙලා ඇති. සමහර පිටු වල followers ල ප්‍රමාණය ඉතා ඉහළ සංඛ්‍යා වලින් අඩු වෙලා තියෙනවා. මේකට හේතුව මොකද්ද කියල හොයල බලන්න Comrade අපි හිතුවා.

ලංකාවෙ අපට මේ ප්‍රශ්නෙ ගොඩක් දුරට දැනෙන්නෙ අද වුණාට අමෙරිකාවට මේ ප්‍රශ්නෙ ඇතිවුණේ ගිය සතියෙ විතර ඉඳලා. හරියටම කිව්වොත් ඔක් 3 සහ 4 දවස් ඉඳලා. New York Times, Washington Post, Huffington Post, The Hill, USA Today, New York Post and Newsweek ඇතුළු ජනප්‍රිය Fb පිටු ගණනාවක followers ලා ප්‍රමාණය දැනෙන මට්ටමකින් අඩු වෙලා තිබුණා. මේ අතරින් USA Toady පිටුවේ  පමණක් followers ලා ප්‍රමාණය ඔක් 03 වෙනිදා 13 723 කින් සහ ඔක් 04 වෙනිදා 11 392 කින්  අඩු වෙලා තිබුණා. දැන් අද වෙනකොට අපේ රටේ ප්‍රධාන facebook පිටු වලටත් මේ ප්‍රශ්නෙ දැනෙන්න පටන් අරගෙන. facebook නිර්මාතෘ meta සමාගමේ CEO Mark Zuckerberg ගෙ Fb පිටුවෙනුත් followers ලා මිලියන 119 ක් පමණ අඩු වෙලා තියෙන බව පැවසෙනවා. 

මේ ගැන  විදෙස් මාධ්‍ය වල මත දෙකක් ප්‍රකාශ වෙනවා. ඉන් පළමුවැන්න තමයි මේ දවස්වල meta සමාගම විසින් කරගෙන යන fake සහ bot accounts ඉවත් කරගෙන යන වැඩපිළිවෙල මේකට හේතුව කියන එක. ඒ ගිණුම් ඉවත් කළාම අපේ pages වලට දාලා තියෙන like එකත් නිකංම ඉවත් වෙනවා. ලොකු ගාණකින් එකපාර වෙන නිසයි මේක අද අපට දැනෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ කියල කියවෙනවා. තවත් මතයක් තමයි ඒක bug එකක් හෝ තාක්ෂණික අවුලක් කියන එක.

කොහොම වුණත් තවමත් මේ ගැන meta සමාගම නිල ප්‍රකාශයක් කරලා නැහැ. 

ඉතින් මේක මේ වෙනකොට හැමෝටම බලපාන ප්‍රශ්නයක් නිසා තනි තනි facebook pages වල ගැටළුවක් කියල බය වෙන්න ඕන නෑ කියල තමයි සඳහන් වෙන්නෙ . ඒ වුණාට page එකක likes අඩු වෙන එක Admin ලට හාට් ඇටෑක් හැදෙන තත්ත්වයක් කියල නං අපිත් දන්නවා.