බීර ගැන මාර කතාවක් !

බීර ගැන මාර කතාවක් !

kkubffk

'ඉතා ඉමිහිරි බීර බඳුන අත දරා සිටින්නේ ඔබයි පෙරා ගනිමින්, මී පැණි සමග වයින් 

ඔබ මහා යාත්‍රාවට බීර බඳුනයි

නින්කාසි, ඔබ යාත්‍රාවට මිහිරි බීර වඩියයි'

බීර බඳුනක් සුරතේ ළෙලවමින් මතැති පාරාවෝ නින්කාසී නම් බීර අධිපති දෙවඟන සිහිකරමින් ඒ ගැයූයේ අනාදිමත් කලෙක සිට ඇයට ලියූ ගීතිකාවයි.

බීර නැත්නම් බියර් , ටින් පිටින් එහෙට - මෙහෙට , හරි හරියට පිරිමි අතින් අතට ගියාට  බීර වලට අධිපති වෙන්නෙත් ස්ත්‍රීයක් . ඔව් නින්කාසි කියන්නෙ සුමේරියානු දෙවඟනක්. දේදුන්නෙහි දේවතාවිය ලෙසින්ද පතළ ඈ ගැමි ලියක පෙනුමයි. මිටින් ගත් තිරිඟු මිටත්  උකුලෙ ලූ ධනධාන්‍යත් කෘෂිකර්මාන්තය කෙරෙහි ඇගේ ඇල්ම බැල්ම,  කැල්ම නංවනවා.

ඊජිප්තුවේ පාරාවෝ නටඹුන් පරීක්ෂා කරන විද්‍යාඥයන්ට පාරාවෝ රජුන් භාවිත කළ විශාල මැටි බඳුන්වල බීර රසකාරක හමුවෙනවා. ඒ හරහා එදා බීපු බීරවල  සුල මුල පීර පීර ඔවුන් හොයනවා. අවුරුදු පන්දාහකට එහා පැත්තෙන් මෙසපොතේමියාව නැත්නම් අද වෙද්දි ඉරානය , වගේ ම ඊජිප්තුව බියර්වල වට්ටෝරුව  හොයා ගන්න හිතන්නෙ වතුරට ආදේශකයක් විදියට. ඒක ඔවුන්ට දිව මතුරක් වෙනවා. ඔවුන්ගේ පූර්ණ ආර්ථිකයම පටවාගත් වාහකයා බවට පත්වන තරමටම 'බියර් සහ ඊජිප්තුව' සංසාරික යුගලක්  බවට පත් වෙනවා. පාරාවෝ රජවරුන්ගෙ රාජ්‍ය දායකත්වය ද සහිතව බීර, 'රජ බීමක' සැලකුම් ලබනවා. 

9755f439 f316 491b 9413 b2b2fbaaa617

වේලාගත් ධාන්‍ය , වතුර , ඊස්ට් සහ හොප්ස් හෙවත් බීර මල්  සම්මිශ්‍රිතය, බීර බිහිකරනවා. හොප්ස් (hops) කියන්නෙ යුරෝපය ආශ්‍රිතව වැවෙන මල් විශේෂයක්.  මේ සරාගී පානය සෑදීමේ දී ඊජිප්තු වැසියන් විවිධ ක්‍රම භාවිත කරල තියෙනවා. ගලා බසින ජලයට , දෙවරක් බේක් කරන ලද බාර්ලි පාන් ද මී පැණි ද මිශ්‍ර කිරීම ඉන් එක් ක්‍රමයක්. අප දැන් පානය කරන බියර් වර්ග නිෂ්පාදනය වෙන්නෙ යුරෝපය පුරා ඊජිප්තු බීරවල සුවයත් සුවඳත් පැතිර යාමත් සමගයි.  පැවති වට්ටෝරුවට බීර මල් එකතු වෙන්නෙ ඒ විදියට. බියර්, තිත්ත රසින්  රැස් කරන්නෙ බීර මල්වල මකරන්ද පොකුර. මේ සඳහා යොදා ගන්නෙ හොප්ස්වල ස්ත්‍රී ශාකය බව පැවසෙනවා. මලෙහි ස්ත්‍රී කලංකයෙන් දෙවූ සරාගී පැණිය පානයේ විශේෂිත බව සුරකිනවා.
එහි ඇති අම්ලකර හා  තෙල් සහිත බවෙහි එකතුව මේ සිහින් තිත්ත රස නිපදවනවා. බීර සෑදීමේ කාර්‍ය පැවරී ඇත්තේත් ගැහැනු පක්ෂයට.

ඊජිප්තුව, මහා ඇලෙක්සැන්ඩර්ගේ බල විජිතයක් බවට පත් වීමත් සමඟ පානය ග්‍රීසියට අපනයනය වනවා. යුරෝපය පුරා බීර ප්‍රචලිත වන්නෙ එහෙමයි. ඉන් පස්සෙ බෙල්ජියම, එංගලන්තය සහ ඇමරිකාවේ නිව්යෝක් ප්‍රදේශවල ශීඝ්‍රයෙන් බීර හල් ආරම්භ වෙනවා.

beer main 0 1496757601

ඒ අනුව අද දක්වා පැමිණ ඇති බීරවල කතාව  ඓතිහාසික පුරාවෘතවලට පවා සබැඳී තියෙනවා.

| සසංකා විතානගේ |