Alphelion සංසිද්ධිය නිසා දැඩි ශිත කාලගුණයක්  ! - අසත්‍ය තොරතුරකි

Alphelion සංසිද්ධිය නිසා දැඩි ශිත කාලගුණයක්  ! - අසත්‍ය තොරතුරකි

සුවිශේෂ කාලගුණ වෙනසකට හේතුවන බව කියන APHELION PHENOMENON පිළිබඳ පුවත මේ වන විටත් ඔබට ලැබී ඇති. මේ දිනවල ශ්‍රී ලංකාවේ අපිත් අත්විඳින සීත කාලගුණ තත්ත්වය නිසා මේ තොරතුර විශ්වාස කිරීමේ හේතු සාධකද සහිතයි. නමුත් ලොව පුරා සංසරණය වන මේ පණිවිඩය අසත්‍ය පණිවිඩයක් බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

 

image 10 1024x547


ශ්‍රී ලංකාවේ පමණක් නොව මේ වන විට ලොව පුරා භාෂා ගණනාවකින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තොරතුර සංසරණය වන නිසා එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ පුවත් වෙබ් අඩවි ගණනාවක් විසින් වාර්තා කර තිබෙනවා.

Thumbnail Post No 04 MANJIRI 1024x576
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පණිවිඩය සිංහල සහ ඉංග්‍රීසි බසින් මෙසේයි -

                --------------------------------

හෙට සිට අගෝස්තු 22 දක්වා කාලගුණය පසුගිය වසරට වඩා සීතල හා ශීතල වනු ඇත.  මෙය Alphelion සංසිද්ධිය ලෙස හැඳින්වේ.  එය හෙට උදෑසන 5-27 ට ආරම්භ වේ.

  Alphelion සංසිද්ධියේ බලපෑම් අපි දකිනවා පමණක් නොව අත්විඳින්නෙමු.

  එය 2022 අගෝස්තු මාසයේදී අවසන් වේ.
  මේ කාලය තුළ අපට පෙර නොවූ විරූ ශීත කාලගුණයක් අත්විඳිනු ඇත.
  උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ.  එමනිසා, විටමින් සී සහ අනෙකුත් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන සමඟ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම වඩා හොඳය.
  සූර්යයා සහ පෘථිවිය අතර දුර කිලෝමීටර් 90,000,000 කි.  නමුත් මේ Alphelion Phenomenon එකේදී මේ දෙක අතර දුර කිලෝමීටර් 152,000,000 දක්වා වැඩි වෙනවා.  එය 66% ක වර්ධනයකි.

කරුණාකර මෙය පවුලේ අය, මිතුරන් සහ ආදරණීයයන් සමඟ බෙදා ගන්න.



“Starting tomorrow at 05.27 we will experience the APHELION PHENOMENON,

where the Earth will be very far from the Sun.

We cannot see the phenomenon, but we can feel its impact.

 This will last until August.

 We will experience cold weather more than the previous cold weather,

 which will have an impact on flu, cough, shortness of breath, etc.

 Therefore, let’s all increase immunity by drinking lots of vitamins or supplements so that our immunity is strong.

The distance from Earth to the Sun is 5 light minutes or 90,000,000 km.  The phenomenon of aphelion to 152,000,000 km.  66% further.

 So the air is colder, the impact on the body is not good because it is not used to this temperature.

For that, keep our health conditions in order to stay healthy with such weather conditions…”

                   ----------------------------

මෙම තොරතුරෙහි දැක්වෙන Aphelion යනු පෘථිවිය හෝ ඕනෑම ග්‍රහලෝකයක් සිය ගමන් මගේදී සූර්යයාට වඩාත්ම දුරින් පිහිටන අවස්ථාවයි. Perihelion යනු එහි විරුද්ධ තත්ත්වය හෙවත් සූර්යයාට වඩාත් ආසන්නව පිහිටන අවස්ථාවයි. එය එසේ සිදුවන්නේ ග්‍රහලෝකයක් සූර්යයා වටා සිදුකරන ගමන් මග සම්පූර්ණ වෘත්තාකාර ගමන් මගක් නොවීමයි. පෘථිවියේද මේ තත්ත්වය සෑම වසරකම සිදුවන අතර එය සාමාන්‍යයෙන් ජනවාරි ( Perihelion ) සහ ජුලි ( Alphelion ) අවස්ථාවයි. Alphelion අවස්ථාවේ පෘථිවිය සහ සූර්යයා අතර දුර ආසන්න වශයෙන් කි. මි. මිලියන 152. 1 ක් සහ Perihelion අවස්ථාවේ දුර කි. මි. මිලියන 147. 3 ක් බව දැක්වේ.ඒ අනුව මෙම අවස්ථා දෙක අතර සූර්යයා සහ පෘථිවියට ඇති දුරෙහි වෙනස 3.3 % ක්. එය දැවැන්ත කාලගුණ වෙනසක් ඇති කිරීමට සමත් තත්ත්වයක් නොවන බව Nasa ඇතුළු ආයතන පෙන්වා දී තිබෙනවා.

 

image 9
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැඩි ශීත කාලගුණයක් ඇතිවිය හැකි බවට පැවසෙන තොරතුර අසත්‍ය හා පදනම් විරහිත බව ලොව පුරා පුවත් අඩවි වාර්තා කර තිබෙනවා.

Screenshot 20220803 110127 Samsung Internet
මින් පෙරද සූර්යයා ගේ චුම්භක කිරණ සම්බන්ධ මෙවැනිම පුවතක් ලොව පුරා සංසරණය වූ බව ඇතැම් විට ඔබට මතක ඇති.

එකම අසත්‍ය පුවත වුවත් භාෂා ගණනාවකින් ලොව පුරා එකම ආකාරයකින් සංසරණය වන තරමට ලෝකය කුඩා වී තිබීමත් ආශ්චර්යයක් නොවෙයි ද ?