ලංකා ඉතිහාස සටහන්-01 දෙදහස් පන්සීයෙන් පටන් ගමු ?      

ලංකා ඉතිහාස සටහන්-01  දෙදහස් පන්සීයෙන් පටන් ගමු ?      
මූලික ප්‍රශ්නය වන්නේ පටන්ගත යුත්තේ කොතැනින් ද යන්නයි. අවම වශයෙන් පටන්ගත යුතු තැන් තුනක් යෝජනා කළ හැකි ය.
 
1. ලංකා ඉතිහාසය පිළිබඳ නූතන කතිකාව බිහිවීම සහ එහි පසුබිම විමසා බලමින් ප්‍රවේශ වීම.
 
2. නූතන අධිපති ලංකා ඉතිහාස කතිකාව මගින් සකස් කර ඇති ලංකා ඉතිහාස කතිකාව දෙස විසංයෝජනාත්මකව බැලීම.
 
3. ශාස්ත්‍රීය ඉතිහාසකරණය තුළ සම්පාදිත දියුණු ම දැනුම ආශ්‍රයෙන් සාකච්ජාව ආරම්භ කිරීම.
 
මේ ක්‍රම තුනේ ම වාසි සහ අවාසි ඇත. උදාහරණ ලෙස තුන්වන ප්‍රවේශය අනුගමනය කළහොත් එය වියළි ශාස්ත්‍රීය කටයුත්තක් පමණක් වනු ඇත. ඒ නිසා තරමක් දුරට මේ ප්‍රවේශ තුනේම මිශ්‍රණයකින් පටන් ගැනීමට තීරණය කළෙමි.
 
දැන් ප්‍රශ්නය නැවතත් අසමි. "පටන් ගත යුත්තේ කොතැනින් ද?"
 
"2500" න් පටන් ගනිමු.
 
"2500" යනු නූතන අධිපති ⁣සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාව මගින් නිර්මිත හැඟවුම්කාරකයකි. එසේ වුවද ඊට පදනම් වන පූර්ව නූතන දැනුමක් ඇත. එහි ප්‍රකට මූලය මහාවංසයයි. මහාවංසය ආඛ්‍යානයට බුද්ධ පරිනිර්වාණය හා විජයාගමනය අතර සමකාලීනත්වයක් තහවුරු කිරීම කේන්ද්‍රීය වේ. එය පැහැදිලි ලෙස දෘෂ්ටිවාදී-දේශපාලන වුවමනාවකි. එය අපට පැපැහැදිලිව ම ක්‍රි.ව. 5 වැනි ශතවර්ෂයේ අනුරාධපුර පාලක ප්‍රභූතන්ත්‍රයේ දේශපාලන අභිලාෂ සමඟ සම්බන්ධ කළ හැකි ය. 
 
මතු සම්බන්ධයි..
 
 
 
 
| කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි |
 
| සේයාරුව - www.reddottours.com වෙබ් අඩවියෙනි |