කොම්රේඩ් !

කොම්රේඩ් !

 

රතිඤ්ඤා, අහස් කූරු හෝ මල්වෙඩි සංදර්ශන නොමැති සම්ප්‍රාප්තියකි මේ. සැබැවින් ම උදා වී ඇත්තේ සවුදිය පුරන මොහොතක් නොවන බව අපගේ විශ්වාසයයි. මේ මුළුමහත් දූපත ම ඇත්තේ ගිනි කන්දක් මත ය. සකලවිධ විනෝදාස්වාද ඇත්තේ ගොජ දමන ලාවා තට්ටුවට අඩි කීපයක් උඩිනි.

අගතියෙන් තොර නවීකාරක දේශපාලනයත්, ලොව දෙසට කවුළු හැරි සංස්කෘතියත්, සාමුහික මනුෂ්‍යත්වය රඳවාගත් පුරවැසි සමාජයේ දිදුලන හදවතත්, ජාති-ආගම්වාද විෂබීජවලින් කිළිටි නොවී සුරක්ෂිත වූ මහපොළොවකුත් ඉලක්ක කරගෙන වැඩ කරනු පිණිස, කොම්රේඩ් පැමිණෙයි.

`ලාංකේය වෙබ් අවකාශයේ එතෙක් මෙතෙක් නුදුටු නවමු සලකුණක් තැබීම සඳහා අපි පැමිණියෙමු` කියා උදාරම් වදන් නොකියමු. සන්නිවේදන ක්‍රියාවලිය තුළ යහපත් මිනිසුන් කළ යහපත් භාවිතයන් අපි ද අනුගමනය කරන්නෙමු. පාරේ අවධානය ගනු රිසිව කාණුවට නොබසින්නට අපට අධිෂ්ඨානයක් තිබේ.

ඉතින් ආදරණීය මිනිසුනි, මෙතැන් සිට අපි ගමන් අරඹමු. අප අතර ලස්සන සම්බන්ධයක් පවත්වාගෙන යමු. හුදු කියැවීමෙන් නොනැවතී ඔබේ ප්‍රශස්ත අදහස් බෙදාගන්නට මෙතැනට එන්න. ඉතිරිය, ඉදිරියට යන ගමන් කතා කරමු.

 

ප්‍රධාන සංස්කාරක
2019 ජුනි 24

____________________
පිළිතුරු දීමේ අයිතිය සුරකිමු.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.