ගුරු ගැටළුවට තවමත් විසඳුමක් නෑ !

ගුරු ගැටළුවට තවමත් විසඳුමක් නෑ !

ඊයේ(04) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති ගුරු – විදුහල්පති වෘත්තිය සමිති වි‍රෝධතාවය ද විසඳුමකින් තොරව අවසන් විය.

වෘත්තිය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සාකච්ජාවක නිරත වූ අතර එයින් විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගටම ගෙනයන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. 
 
මෙම ගැටළුව පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී ද සාකච්ඡා කෙරුණු අතර එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ගුරුවරුන්ට මීට වඩා වේතනයක් ගෙවිය යුතු බවට ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා නමුත් ප්‍රශ්නය විසඳිය යුත්තේ, නොවැම්බර් මාසයේ අයවැය තුළින් බවයි. 
 
මේ අතර ඊයේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවේ නිරත වූ ගුරුවරියන්16 ක් ගුරුවරුන් 22 ක් ඇතුළු පුද්ගලයින් 44 ක් වාහන 10 ක් සමග පොලිස්  අත්අඩංගුවට පත් විය.ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු එම පිරිස ඇන්ටිජන් පරික්ෂාවටද ලක් කර තිබේ.එම පිරිස කොරෝනා ආසාදිතයන් නොවන බව එම පරීක්ණයෙන් තහවුරු වී ඇත.