ගෙදර ඉඳන් කියවන්න 01 - ජීවිතය නමැති හිතුවක්කාර කවිය !

ගෙදර ඉඳන් කියවන්න 01 - ජීවිතය නමැති හිතුවක්කාර කවිය !
බටහිර චිත්‍රපටවල පමණක් දැක ඇති ව්‍යසන වටපිටාවක් ලොව පුරා පැතිර යමින් තිබෙනු නොවේදැයි විදෙස්ගත මිතුරෙක් අද උදේ කතාකර ඇසුවේ ය. එළිමහන් ශල්‍යාගාරයක මෙන් මුව ආවරණ පැළඳ ඇවිදින මිනිසුන් සහිත නගර අපේ ඇස් ඉදිරියේ ඊයේ තිබිණි. නොනවතින ධාවනයක යෙදුණු ලෝකය අද මේ වන විට නිවාස අඩස්සියට වැටී ඇත. සවස පැනවෙන ඇඳිරි නීතිය මැද ජීවන තාරකා කීයක් නිවී යත්දැයි කිසිවකුත් නොදනිති. ලංකාව නමැති දූපත ම නිරෝධායනයට ලක් කළ යුතු මොහොතක් එළැඹෙමින් තිබේ. කොවීඩ් නයින්ටීන් අයිස් බර්ගයේ යට කොටස වඩාත් දැවැන්ත වීමේ විය හැකියාව ඉහළ ය. ඉතින්, මැතිවරණ ජිමික් වෙනුවට ජීවිතය මැජික් වෙමින් පවතියි. මේ අනියත අහඹු ඉසිඹුව ලියන්නට යොදාගමි. අපේ තාත්තා දින දෙක තුනකට කළින් ලියූ හිතුවක්කාර කවියකින් මේ සටහන් පෙළ පටන් ගමි. මගේ ම තාත්තා නිසා පිස්සු කතා කියන්න එපා යැයි බැනලා පළක් නැත. ඒ කෙසේ වෙතත්, කොහෙවත් නොයා එයා ඉන්නේ ගෙදර ය. මේ ඒ කවිය.
 
හැත්තෑ අටයි අවුරුදු දැන් වයස මගේ 
හීනෙන් කොරෝනා විත් එල්ලෙනව ඇඟේ 
බැහැ මඟහරින්නට මේ ඉල්ලුමට ඇගේ 
සළකා බලමි මේ සතියේ අගදි වගේ 
 
FB IMG 1585281981266
| විමල් කැටිපෙආරච්චි | 2020.03.20 පෙ.ව.9.53 |