චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් ! කෙටියෙන්

චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් ! කෙටියෙන්
චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් ! කෙටියෙන්..

FB IMG 1601289178816

සිරුර යට හැඟුම් කිතිකැවෙන්නට පටන් ගත් සමයේ අප අත පත්වූ චිත්‍රකතා පිටු අතර ශෘංගාරය තැවරී තිබිණි. ඒ රූ සටහන් අපගේ අනුරාගී උත්කර්ෂයේ උල්පත් වූයේ ය. වින්දනයේ ස්වයං නිම්නයන් පුරා ඒ රූ සැරිසැරීම නොවැලැක්විය හැකි සොඳුරුතම ඉරණමක් විය. නිතර නිතර මාරුවෙන බොන්ඩ් පෙම්වතියන්ගේ වටොර ද, හිතෙන හිතෙන කඩවසම් පිරිමින් වසඟයට ගෙන සයනයට කැඳවන මායා රැජිනියන්ගේ දෙතන ද අප ඇතුළාන්තය කළඹවාලී ය. ඒ ඇතැම් රහස් තැනක් වැසුණේ රන් කෙණ්ඩියකින් හෝ ගසක ඉත්තකින් හෝ ප්‍රතිමාවක කොටසකිනි. සිත්තරා හිතා මතා මුවා කළ මලවි කරළිය යළි රූ ගන්වාගත්තේ උපකල්පන මන්දාකිණියේදී ය. දිව්‍යමය ගුප්තභාවය අපගේ දෑසින් වසන් කළ මණිමේඛලාවන් සිතින් ඇද වීසි කර දැමීමේ ධීර වීර සංත්‍රාසය, දෑතින් පුහුණු කළ අසිරිමත් ශෘංගාර සංග්‍රාම භූමියක ගැටවරභාවයේ අහිෂේකය ලද්දෙමු.
 
කැලැන්ඩර් ගණනාවකට පසු, චිත්‍රකතාවේ මිහිරි අනුරාගය ; සුද්දීගේ ගවුමට උඩින් සෝමාගේ තනපට හා චීත්තය යටින් යකා මහත්තයාගේ කසිප්පු ගඳගහන සිරුරට යට වී ලුම්පන් දෛවයක් ඔස්සේ ඉතිහාසයේ කෞතුක අඩවියට නික්ම ගියේ ය. තවත් විදිහකින් කිවහොත්, සමකාලීන `සුද්දිලාගේ කතාව` ජීවිතයේ ගැඹුර, අනුරාගය සමග පාහන විට චිත්‍රකතාවේ `සුද්දී` නොගැඹුරේ ගිලී මිය ගියා ය. මේ වන විට වැඩිහිටියන්ට වෙන්වූ සිනමාව දෙස අපි ඇස යොමමින් සිටියෙමු. දහදියෙන් පෙඟුණු සිරුරු මැද එහා වෙන සුසුම් කෙඳිරිලි සහිත දර්ශන මතක ගබඩාවේ තැන්පත් කෙරුණේ ඕනෑම හුදෙකලා මොහොතක ප්‍රතිවාදනය කරනු පිණිස ය. ඒ ඇතැම් සංරක්ෂිත දර්ශන අද පවා ඉඳහිට `ප්ලේ` වෙයි.
 
වී එච් එස් වීඩියෝ විසින් අපගේ ලෝකය ආක්‍රමණය කරනු ලැබූ කාලයේ ම කාමය වෑහෙන මුද්‍රිත සිංහල ප්‍රකාශන අපගේ පොත් අතර ලැගුම් ගත්තේ බයෝ මැත්ස් ආට් කොමස් වර්ගීකරණයන් සුණු විසුණු කරමිනි. සියලු විෂය ධාරාවල විද්‍යාර්ථිහු එක ම ශෘංගාර සාහිත්‍ය සාමුහිකයක රහසිගත සාමාජිකයෝ වූහ. අතට ම දිය වූ කඩදාසිවල විරාජමාන වූ ප්‍රබන්ධමය චරිත, අපගේ ෆැන්ටසීන් පුබුදුවාලූයේ ය. එය කෙබඳු ද යත්, සිරුරේ අසිරිමත් ආයාචනයන් සතපවනු වස් නිවීම වෙනුවට ඇවිළීම ම ඉල්ලූ යව්වනය අබිමුව පුම ඉතිරි බේ නොසළකා ඇලුණු ගැළුණු  වෙළුණු අබිරහස් හෝරාවන් ඇදී බැඳී විත්, කාලයත් සමග රැඳී නොරැඳී සිඳී බිඳී විසිරී ගියේ ලිහිසි මතක මාත්‍රයන්වල සැහැසි සුවඳක් ශේෂ වන පරිද්දෙනි.
 
එක පැත්තකින් ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ ද ගුණදාස ලියනගේ ලියූ දෝන කමලාවතී ද රශ්මිය පත්තරයට සුමින්ද ගමගේ ලියූ `ශෘංගාර කලාපය` ද අප නැවතූ තැන් වන විට, අනෙක් පැත්තෙන්, ගීතා ද ෆරීනා ද සනෝජා ද චන්දි ද සුමනා ද අත අල්ලා අප නැවත්වී ය. අපි ද ඔවුන් වෙනුවෙන් දෙවරක් නොසිතා අත දිගු කළෙමු. ඒ අතරවාරයේ ලක්දිව හෝ හිරු කියවද්දී ම සොඳුර හෝ සීදේවි කියැවූ බව නොකියා නොසිටිය යුතු ය. රූපය විසින් ශෘංගාරය  අත්පත් කර ගත් හැම මොහොතක ම අච්චු අකුරු පසුබැස නොගොස් අලුත් වටයකින් පැමිණියේ ය. ඒ ඉතිහාසය පිමි පැන අද මේ වන විට පෝන් හබ් - එක්ස් හැම්ස්ටර් - බීග් ඈ මිලියන බිලියන ගණනක් වූ වෙබ් අඩවි දරාගත් මහා සයිබර් අනුරාග ක්ෂීරපථයේ පවා ලිටරොටිකා වැනි කියැවුම් අවකාශ නොපැරදී පවත්නේ පරිකල්පනය විෂයයෙහි රූපයට වඩා අකුර පෝසත් නිසා යැයි සිතමි.
 
ශෘංගාරය කියන්නේ ම පරිකල්පනයේ අති උත්කර්ෂවත් මිනිස් මොහොත ය. සංසාරය ම නිර්වාණය බවට පරිවර්තනය වන සංවේදනාත්මක නිමේෂය ය. මෙන්න මේ සුන්දර ඇත්ත කෙලින් කියමින් අනං මනං නැතුව අකුරෙන් අනුරාගී මිහිර මවන්නට වෙහෙසෙන මිනිහෙකි චින්තන ධර්මදාස. සෙක්ස් යනු මරණීය පාපයක් නොව දිව්‍යමය පිවිසුමක් බව නිරන්තරයෙන් අවධාරණය කරන අපේ කාලයේ ප්‍රමුඛතමයා ඌ ය. ඌ මීට කලින් ලියූ පොත් දෙකට ම වඩා චින්තාගේ මනුෂ්‍යත්වය සෙක්සි ය. ඌ සමාජය භාරගන්නා හැටි සෙක්සි ය. මේ එක්ස්ටර්නල් පෙරවදන තව පැය කීපයකින් රෝයල් තැප්‍රෝබේනියන්හිදී  එළිදකින චින්තන ධර්මදාසගේ සෙක්ස් පොත වෙනුවෙනි. මරණය වෙනුවට රමණය  !
 
සුබ පැතුම් චින්තා !!
 

| විමල් කැටිපෙආරච්චි | පස්වරු 1.45 සැප්තැම්බර් 28, 2020 |

fhgefguifu

 
FB IMG 1601288974433FB IMG 1601288977245FB IMG 1601288983405FB IMG 1601288987447FB IMG 1601288990554FB IMG 1601288994492FB IMG 1601288998885FB IMG 1601289003637FB IMG 1601289015715FB IMG 1601289006756FB IMG 1601289010184FB IMG 1601289012956