ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සමුගනියි !

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සමුගනියි !

xxjdjskmdkkw

ප්‍රවීණ සංගීත ශිල්පියෙකු සහ ගායන ශිල්පියෙකු වන ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතා අද (09) ගල්කිස්ස, කලාපුර පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයනවිට 64 හැවිරිදි වියේ පසුවිය.

දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටි ඩබ්ලිව් ඩී ආරියසිංහ රසික හදවත් දිනාගත්  කදිර සුරිඳුනේ, මා ළඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක හිමිකරුය.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක සහ සංගීත අධ්‍යක්ෂවරියක වන දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඔහු පුතුන් දෙදෙනෙකුගේ පියෙකි.

.