ලාංකේය සිනමාවේ ප්‍රවීණ රංගධර තිස්ස විජේසුරේන්ද්‍රයන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 71 වන වියෙහි පසුවිය.
1970 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රියම පෙම්වතා ලෙස රසික ආදරෙය දිනා ගත්තේ තිස්ස විජේසුරේන්ද්රයන්ය. 1949 අප්‍රේල් මස 3 වැනිදා උපත ලැබූ තිස්ස විජේසුරේන්ද්‍රයන් අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයයෙනි. ඉතා කඩවසම් පෙනුමකට හිමිකම් කියූ ඔහු අධ්‍යාපනය නිමකොට රංගන ක්ෂෙත්රයට පිවිසියේ 1970 දී රන්ජිත් ලාල් අධ්‍යක්ෂණය කළ 'නිම් වළල්ල’‘ චිත්‍රපටයෙනි. ඉන් අනතුරුව සිනමාවේ තමන්ටම ආවේනික ප්‍රතිරූපයක් ගොඩනගාගත් විජේසුරේන්ද්‍රයන් ඔහුගේ සමකාලීනයන් වන විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා හා ටෝනි රණසිංහ යන ප්‍රවීණ රංගවේදීන් සමඟ ඉතා දක්ෂ ලෙස රංගනයෙහි නියැලිණි.
නිම් වළල්ල, පුජිතයෝ, කලණ මිතුරෝ, සුහඳ පැතුම, දඩබිම, සුරේඛා,ලස්සන කෙල්ල,සුදු පරවියෝ,නෙලුම් සහ සමන්මලී, නෑදෑයෝ ආදී ප්‍රේක්ෂක ආදරය දිනාගත් චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබේ.
තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ කඩවසම් පෙණුම නිසාම ඔහුට සිංහල සිනමාවේ අති සුන්දරම සහ අති දක්ෂම නිළියන් වන මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරණසිංහ, නීටා ප්‍රනාන්දු, සුමනා අමරසිංහ,ජෙනිටා සමරවීර යන ප්‍රවීණ රංගනශිල්පිනියන්ගෙ පෙම්වතාගේ චරිතය නිතැතින්ම හිමිවිය. එම නිසාම 70 දශකයේ ජනප්‍රියම පෙම්වතා වීමට ඔහුට හැකිවිය.
එමෙන්ම මෑතකදී (2014) වසරේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ රූපාන්තරණ චිත්‍රපටය ඔස්සේ නැවතත් සිය රංගන ප්‍රතිභාව නව ආරයකින් ප්‍රේක්ෂක මතකයට එක් කිරීමට ඔහුට හැකිවිය.
චිත්‍රපට ගනණාවකට විවිධ චරිත ඔස්සෙ සිය විශිෂ්ඨ රංගන දායකත්වය ලබාදුන් තිස්ස විජේසුරේන්ද්‍රයන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන්ද පිදුම් ලැබීය.