පසුගිය දෙසැම්බර් 17 වෙනිදා එළිදැක්වූ Spider-Man: No Way Home චිත්‍රපටය මේ වනවිටත් Box office වාර්තා අලුත් කරමින් ඉදිරියට පැමිණ තිබෙනවා.
Pandamic යුගයේ එළිදැක්වූ චිත්‍රපට අතරින් ඩොලර් බිලියනය පසුකළ පළමු චිත්‍රපටය බවට පත්වීමට මෙම සිනමාපටයට හැකිවුණා. ඒ දින 12 ක් වැනි කෙටි කාලයකින්. එය 2015 වසරේ තිරගත වූ “Star Wars: The Force Awakens චිත්‍රපටයේ ආදයම් වාර්තාව සම කිරීමක්. ඒ අනුව කෙටිම කලකින් ඩොලර් බිලියනය පසුකළ චිත්‍රපට අතර තුන්වන ස්ථානය Spider-Man: No Way Home චිත්‍රපටයට හිමිවනවා. 2018 තිරගතවූ “Avengers: Infinity War” සහ 2019 තිරගත වූ “Avengers: Endgame” යන සිනමාපට එහි පළමු සහ දෙවන තැන්වල රැඳෙනවා.
එසේම එය මේ වන විට 2021 Box Office ලයිස්තුවේ පළමු තැනට පත්ව තිබෙන්නේ ඩොලර් 1,082,232,000 ක ආදායමක් වාර්තා කරමින්.
පසුගිය වසර දෙක තුළ මෙතරම් සාර්ථක වූ හොලිවුඩ් චිත්‍රපටයක් නොමැති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
ලොවපුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය ආරම්භවීමත් සමඟ මෙම සිනමාපටය එළිදැක්වුනත් ඉන් චිත්‍රපටයට බලපෑමක් සිදුව නොමැති බවත්, තව දුරටත් ලොවපුරා වේගයෙන් ටිකට්පත් අළෙවි වෙමින් Spider-Man: No Way Home සාර්ථකව තිරගත වන බවත් විචාරකයින් වැඩිදුරටත් පවසනවා.