අකුරුත් එක්ක SEX කරන්න මම කැමැතියි ! ෂෙහාන් නානායක්කාර

අකුරුත් එක්ක SEX කරන්න මම කැමැතියි ! ෂෙහාන් නානායක්කාර

ෂෙහාන් නානායක්කාර ගේ කුළුඳුල් කාව්‍යමය ප්‍රයත්නය 'සෝඩා ඕන නෑ' නමින් එළැඹෙන 8 වනදා රෝයල් තැප්‍රෝබේනියන් හිදී සහෘදගත වන්නට නියමිතය. මේ එය නිමිති කරගෙන comrade.lk ඔහු සමඟ කළ කෙටි සංවාදයකි.

2 2

 

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - ෂෙහාන් නානායක්කාර කවි ලියන්නෙ ඇයි?

ෂෙහාන් - කවිය කියන්නෙ මට නිදහස් වෙන්න පුලුවන් තැනක්. එතැන මට, මට කැමති විදියට අකුරුත් එක්ක සෙක්ස් කරන්න පුලුවන් හින්දා.

 60583147 657001481379332 7032756824029790208 ncomrade.lk එහෙම කරන්න ඔබ කවිය කියල අඳුරගන්න දේ විස්තර කරන්න කැමති කොහොමද?

ෂෙහාන් - මම අඳුරගන්න කවියට නිශ්ච්‍යාර්තයක් නෑ. කවියට අස්ථානගත ස්ථානයක් තියෙනවා. ඕනෑම වෙලාවක උපදින්න පුලුවන්. ඉතින් මට අනුව මං කවිය කියන්නෙ මට දැනෙන ඕන දේකට. මොකද කවියට ෆ්‍රේම් නෑ. කවියෙන් පුලුවන් ෆ්‍රේම් හදන්න. හදලා වගේ තියෙන ෆ්‍රේම්ස්නුත් කඩන්න.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk  'සෝඩා ඕන නෑ!' මොකද්ද මේ?

ෂෙහාන් - මගේ ප්‍රථම ග්‍රන්ථය. මේක කවි කකතා පොතක් විදියටයි එළියට එන්නෙ.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - පොත එළිදකින වැඩේ වෙන්නෙ කොහොමද?

ෂෙහාන් - මේ වැඩේ වෙන්නෙ සැප්තැම්බර් අට වෙනි ඉරිදා හවස තුනට. විජේරාම හංදියේ රෝයල් තැප්‍රෝබේනියන් හීදී. සියලු දෙනාට සුහදව ආරාධනා කරනවා එදා හවසට.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk  ඔබේ පරම්පරාවේ ලියන අය ගැන ඔබේ කියවීම මොකද්ද?

ෂෙහාන් - ගොඩක් සතුටුයි. වියයුත්ත විය යුතු විදියට වෙනවා. මේ වෙලාවේ ගොඩක් අය ආර්ට් අස්සෙ ලස්සන වැඩ කරමින් ඉන්නවා. ඉතින් ඉතාමත් සතුටුදායකයි.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk  මේක ඇතුළෙ ඔබට පරමාදර්ශ ඉන්නවද?

ෂෙහාන් -  නෑ! හැබැයි ගෙවෙන තප්පරේම තියෙන අත්දැකීම් සියල්ල මගේ පරමාදර්ශ. කැටගරි අයිකන් කාස්ට් වගේ ඕක මේන්ටෙන් කරොත් අපිට අපි මිස් වෙනවා. හොඳම දේ වෙන්න ඇරලා බලන් ඉන්න එක සහ ගතවෙන වෙලාවට මුහුණ දෙන එක.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk  පොතෙන් පස්සෙ ඉදිරි වැඩ වෙන්න නියමිත කොහොමද?

ෂෙහාන් - හීන කියන ජාතිය මටත් තියෙනවා. ආර්ට් අස්සෙ තව දේවල් කරන්න හිතේ චිත්‍ර අඳිනවා. වෙලාව ආවම එළියට දානවා. අපි බලමු! මගේ හිත එළියට ගෙනත් ඒකෙන් වැඩ ටිකක් ගන්න.

| සංවාදය - කසුන් සමරතුංග |