ප්‍රවීණ රංගන ශිල්පි ටෙනිසන්කුරේ අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීණ රංගන ශිල්පි ටෙනිසන්කුරේ අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීණ  රංගන ශිල්පි ටෙනිසන්කුරේ අද (28) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
1952  අප්‍රේල් 30 වැලිමඩ දී උපත ලැබූ ඔහු අභාවප්‍රාප්ත වන විට 68 හැවිරිදි වියෙහි පසුවිය.

ටෙනිසන්කුරේ ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු,.වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකුද වෙයි. මොරටුව මෙතෝදිස්ත පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු තම පළමු තිර රචනය වන පෙරළිකාරයෝ සිනමා පටයෙන්  තිර රචනයට පිවිසි අතර ඒ සඳහා රංගනයෙන් දායක වූයේ රසික හදවත් තුළ පෙරළියක් කරමිනි.

ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාළම , කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන්ද රචනා කර ඇති අතර ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය 2011 වසරේ තිරගත වූ තැන්ක් යූ බර්ටි චිත්‍රපටයයි.