ප්‍රවීන සිනමාකරු රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවිය.
සටන් නළුවෙකු ලෙස සිනමාව තුළ වඩාත් ජනාදරයට පත් රොබින් ප්‍රනාන්දු මහතා සිනමාවට පිවිසියේ 1964 වසරේ නිෂ්පාදනය කළ " චණ්ඩියා " චිත්‍රපටයෙන්. එහෙත් සිනමා තිරය තුළ මුලින්ම ඔහුව දක්නට ලැබුණේ ඔහුගේ දෙවන චිත්‍රපටය වූ " ධීවරයෝ " චිත්‍රපටයෙනුයි.
බයිසිකල් හොරා, කවුද හරි, ඔහොම හොඳද, රන් ඔන්චිල්ලා, බිඳුණු හදවත්, හාරලක්ෂය, හිතක පිපිණු මල්, ලොකුම හිනාව, සිංගප්පූරු චාලි, අපරාධය හා දඬුවම, සිහසුන, ජීවන ගංඟා, සිකුරු ලියා, සිරිපාල සහ රන් මැණිකා, වීරපුරන් අප්පු, අපේක්ෂා, සංඛපාලි, බඹා කෙටූ හැටි, ලොකු තාත්තා, විසිදැල, දඩබිම, සුසීමා, මහරජ අජාසත් ඇතුළු සිනමා පට ඔහු රංගනයෙන් දායක වූ සිනමා පට අතර වේ.
2018 තිරගත වූ " ආදරෙයි මං " චිත්‍රපටය ඔහු රංගනයෙන් දායක වූ අවසන් සිනමාපටයයි.
" සුර දූතියෝ " සිනමාපටයෙන් චිත්‍රපට අධ්යක්ෂණයටද පිවිසි ප්‍රනාන්දු මහතාගේ අවසන් සිනමා අධ්‍යක්ෂණය " නින්ජා ශ්‍රී ලංකා " චිත්‍රපටයයි.
රිදී තිරයෙන් පුංචි තිරයට ඔහු මුල්ම වරට පිවිසුනේ ශ්‍රීයානි අමරසේන මහත්මියගේ " ඉර බටු තරුව " ටෙලි නාට්‍යයෙන්.
දශක පහකට අධික කලක් සිනමා පට 90 කට අධික ප්‍රමාණයකට ඔහු රංගනයෙන් දායක වී තිබේ.
නොසන්සුන් සිනමාවේ
සන්සුන්ව සටන් කළ
විකල්ප වීරත්වයට
comrade. lk
ශිර්ෂ ප්‍රණාමය !