ඩයනා කුමරිය පිළිබඳව නිෂ්පාදනය කිරීමට නියමිත නවතම හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඩයනා කුමරියගේ චරිතය වෙනුවෙන් අමෙරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන ක්‍රිස්ටියන් ස්ටුවර්ට් තෝරාගෙන තිබේ. 2021 නිෂ්පාදනය කිරීමට නියමිත මෙම චිත්‍රපටය ඩයනා කුමරියගේ විවාහය සහ එය බිඳ වැටීම පාදක කරගනිමින් නිෂ්පාදනය වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම චිත්‍රපටය තිර රචනය කර ඇත්තේ ස්ටීවන් නයිට් විසිනි. මෙම 'ස්පෙන්සර්' චරිතය සඳහා තමාව තෝරාගැනීම ගැන ක්‍රිස්ටියන් පවසා සිටින්නේ එය තම ජීවිතයේ ලැබූ භාග්‍යක් බවයි. 2000 වසරේ සිට සිනමා නිර්මාණවලට දායක වී ඇති ක්‍රිස්ටියන් ස්ටුවර්ට් 30 හැවිරිදි වියෙහි පසුවන අතර ඇය ට්වයිලයිට්, ද ට්වයිලයිට් සාගා, ඔන් ද රෝඩ් සහ අන්ඩර්වෝටර් වැනි චිත්‍රපට සිය රංගන දායකත්වය ලබා දී තිබේ.