විස්මිත සාගර සේයා පෙළහර Ocean Photography Awards 2021  ජයග්‍රාහී සේයාරූ මෙන්න ...

Previous Next

2021 වසරේ සාගර ඡායාරූප සම්මාන( Ocean Photography Awards 2021 ) තරගාවලියේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණා.

ඡායාරූප ශිල්පිනී Aimee Jan  විසින් බටහිර ඔස්ට්‍රේලියාවේ Ningaloo Reef හිදී කාචයට හසු ගත් සේයාරුව ' වසරේ සාගර සේයාරුව ' ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

 

Ocean Photography of the year 2021
වීදුරු මාළුන් රෑනක් විසින් වට කර ගත් කොළ පැහැති මුහුදු කැස්බෑවා ගේ සේයාරුව 

අංශ අටක් ඔස්සේ තවත් ජයග්‍රාහකයින් රැසක් නම් කර ඇති අතර තවත් ඡායාරූප ගණනාවක් හොඳම ඡායාරූප අතරට නිර්දේශ වී තිබෙනවා.

මෙහි ජයග්‍රාහී ඡායාරූප ඔක්තෝබර් මස 17 වන දක්වා ලන්ඩනයේදී ප්‍රදර්ශනය කෙරෙනවා.

අපට පෙනෙන ගොඩබිම් ලෝකයට වඩා සාගර ලෝකය කෙතරම් සුන්දරදැයි මේ ඡායාරූප දුටුවිට ඔබටත් සිතේවි.

 47990531 9996905 Kovacs work is also commended in the Collective Portfolio catego a 47 1631798744005

  ශිල්පී Kovacs විසින් ලබාගත්  බිත්තර රකින කහ පැහැ jawfish ගේ ඡායාරූපය

සාගරයට  එක්කරන අපද්‍රව්‍ය මුහුදු ජීවීන්ට ඇති කරන බලපෑම පෙන්වන ප්‍රබල කාච සටහන් කිහිපයක්ද මෙම සේයාරූ අතර වුණා.

Nicholas Samaras විසින්  ග්‍රීසියේදී ලබාගත් මුහුණු ආවරණයක් රැගත් මුහුදු අශ්වයාගේ ඡායාරූපය

teven Kovacs විසින් ෆ්ලොරීඩා වෙරළේදී ලබාගත් ඡායාරූපයක්.
සිගරට් ෆිල්ටරයක් ආහාරයට ගැනීමට සැරසෙන lizardfish මත්ස්‍යයෙක්.

 

තවත් ඡායාරූප කිහිපයක්.
ඡායාරූප ශිල්පියාගේ නම ඡායාරූපය මත සටහන් වේ

960x0 13