කසුන් සමරතුංගගේ අංගුලිමාල සුළඟ දා !

කසුන් සමරතුංගගේ අංගුලිමාල සුළඟ දා !

කසුන් සමරතුංග රචනා කළ 'අංගුලිමාල සුළඟ' කාව්‍ය සංග්‍රහය ඊයේ (13) දින සහෘදගත විය. කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සවස 3.00ට ග්‍රන්ථය එළිදැක්වීම සිදු වූ අතර දේශන විමල් කැටිපෙආරච්චි සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල එහි ආරාධිත දේශන පැවැත්විය. ළහිරු කිතලගම සභාව මෙහෙයවනු ලැබීය. කසුන් සමරතුංග විසින් මීට පෙර 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය සහ 'විත අස පත' තීරු ලිපි සංග්‍රහය රචනා කළ අතර ඔහුගේ තුන්වන සාහිත්‍යමය ප්‍රයත්නය මෙය වෙයි. මිල රු: 200.00 ක් වන 'අංගුලිමාල සුළඟ' KSP ප්‍රකාශනයකි.

| සේයා රූ - අජිත් සෙනෙවිරත්න | readphotos.com |

131156891012131516171918