දෘෂ්‍ය කලාවේදී ප්‍රගීත් රත්නායකගේ HUMANSCAPE ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය හෙට (3) සවස 5 ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ වේ. ප්‍රදර්ශනය ලබන 6 වැනිදා දක්වා පෙ.ව. 10.00 සිට ප.ව 8.00 දක්වා පැවැත්වේ.
මෙය ප්‍රගීත් ගේ 07 වැනි චිත්‍ර ප්‍රදර්ශනයයි.
Humanscape චිත්‍ර ප්‍රදර්ශනය සහ එහි තේමාව පිළිබඳ ප්‍රගීත් රත්නායක මෙසේ පවසයි.
" මා මා සමඟ,මා අනෙකා සමඟ සහ මා පරිසරය සමඟ පවත්වන ගනුදෙනුව පද්ධතිමය සම්බන්ධයක් ලෙස දැකීමට Humanscape තුළින් උත්සාහ ගත්තා. Humanscape " ලෙස නම් කරන මාගේ චිත්රාවලිය මේ ගනුදෙනුවේ දෘශ්‍ය සාක්ෂි ලෙස ඔබට ඉදිරිපත් කරමි.
ප්රගීත්ගේ සිතුවම් තුළින් ඔබවම විනිවිද දකින්නට හෙට සිට ලයනල් වෙන්ඩ්ට් කලාගාරය විවෘතව තිබේ.