ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියයන විට ඒ මහතා 77 හැවිරිදි වියේ පසුවිය.
මෙරට බයිලා කලාවේ රජු ලෙස විරුධාවලිය ලත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා දශක 5 කට ආසන්න කාලයක් සංගීත ක්ෂේත්රයේ නොමැකෙන සටහනක් තැබූ සංගීතවේදියෙකි.