විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රජත පුස්තක සම්මානය හිමි කර ගත් 'ඒත් අපි පියාඹමු' කෘතියේ තමන් විසින් ලියන ලද 'තැනිතලාවේ පිහිටි කුඩා නගරය' කෘතියේ ඇතැම් තැනකට බෙහෙවින් සමාන තැන් ඇති බව ගංගා සුදුවැලිකන්ද ලේඛිකාව මුහුණු පොතේ සටහනක් තබමින් සුජාතා අලහකෝන් ලේඛිකාවට චෝදනා කර සිටියි.
"අද උදේ අවදි වුණේ ඉන්බොක්ස් එකට ඇවිත් තිබුණ පණිවුඩේකින්.
මේ 2020 රජත පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම යොවුන් නවකතාව. ඒත් අපි පියාඹමු - සුජාතා අලහකෝන්
ඊළඟට තියෙන්නෙ මම පරිවර්තනය කරපු තැනිතලාවේ පිහිටි කුඩා නගරය කියන පොතේ පිටුවක්.
කියවන්න. කියවලා තේරුම් ගන්න. වඩා පහසු වෙන්න අදාල ස්ක්‍රීන්ෂොට් සහ පින්තූර මෙතන පළ කරනවා." යනුවෙන් ඇය සටහනක් තබා ඇත.
මේ පිළිබඳව රජත පුස්තක විනිශ්චය මණ්ඩලය පවසන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි අවධානයෙන් සිටින්නෙමු.
අදාළ සටහනේ link එක.
රජත පුස්තක දිනූ යොවුන් නවකතාව කොපියක් ද ?
ගංගා සුදුවැලිකන්ද ලේඛිකාව එවැනි තවත් පිටු කිහිපයක් සිය මුහුණු පොතට එක්කරමින් කියාසිටින්නේ ඇගේම වෙනත් පරිවර්තනයක් වන ' මේ මිහිරැති සොඳුරු සමය ' නැමැති කෘතියේ ඇතැම් පරිච්ඡේදයන්ටද ' ඒත් අපි පියාඹමු ' කෘතියේ ඇතැම් තැන් සමාන වන බවයි.