ටෙනීගේ සිනමාගමනය ගැන දිනේෂ් ප්‍රියසාද් හෙළිදරව්වක් කරයි !

ටෙනීගේ සිනමාගමනය ගැන දිනේෂ් ප්‍රියසාද් හෙළිදරව්වක් කරයි !

Screenshot 20201001 143448

ටෙනී සිනමාවට ආපු විදිහ ගැන එක එක කතා කියවෙනවා. මේක තමා ඇත්ත කතාව.
ටෙනී පළමුව  ප්‍රධාන චරිතයක් රඟපෑවෙ නොම්මර එකයි චිත්‍රපටයේ බන්දු සමග. 1981දෙන්නා එකට රඟපාපු පලවෙනි චිත්‍රපටය තමයි ඒ. නමුත් 1983 රූපගත කරපු පෙරලිකාරයෝ චිත්‍රපටය අපි නොම්මර එකයි චිත්‍රපටයට කලින් සිනමාහල්වල මුදා හැරියා. ඒකයි දෙක පැටලිලා තියෙන්නේ. ඕක තමා ඇත්ත කතාව. චිත්‍රපට දෙකේම අධ්‍යක්ෂ දිනෙෂ්, කතා සහ දෙබස් ටෙනීගේ..

මේ චිත්‍රපටි දෙකට කලින් ටෙනී පොඩි චරිත දෙකක් කරලා තියෙනවා. ඒ  70 දශකයේ මුල්ම අවදියේ කිංස්ලි රාජපක්ෂගේ කලණ මිතුරො චිත්‍රපටයේ තිස්ස විජෙසුරෙන්ද්‍ර සමග පාසැල් දර්ශනයක පන්ති කාමරෙ පෙනිසිටිමක්.

ර්‍ඉන්පසු හේමසිරි සෙල්ප්පෙරුමගේ ජීවන්ති චිත්‍රපටයට (83)දොන්සීරිසේන නොපැමිණීම  හේතුවෙන් ඒ පුරප්පාඩුව පිරවීම සඳහා එහි එම හාස්‍යමය ජවනිකාවට පෙනී සිටිමින්. කරදරෙ වැටුනු හේමසිරි සෙල්ලප්පෙරුමව බේරාගැනීමට කිසිදු මුදලක් අය නොකර එම ජවනිකාවේ ටෙනී පෙනී සිටි බව සත්‍යලෙස ප්‍රකාශ කරන අතර එය ප්‍රධාන චරිතයක් නොව  පුරප්පාඩුවක් පිරවීමක් පමණකි.

ටෙනී ප්‍රධාන චරිත රඟපෑ පලමු චිත්‍රපට තුන - නොම්මර එකයි - පෙරලිකාරයෝ - වරදට දඩුවම් යනුවෙන් සටහන් තබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

| දිනේෂ් ප්‍රියසාද් ෆේස්බුක් පිටුවෙනි |