රතු හැට්ටකාරි ' අනුලා බුලත්සිංහල ' දිවි කරළියෙන් බැස යයි !

 රතු හැට්ටකාරි ' අනුලා බුලත්සිංහල ' දිවි  කරළියෙන් බැස යයි !

ප්‍රවීණ වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණි අනුලා බුලත්සිංහල අද (16 ) අභාවප්‍රාප්ත වී තිබේ.
දීකිරි දීකිරි ගීතය ඇසෙත්ම අපට මතකයට එන්නේ ඇයයි .එම ජවනිකාවේ ඉතාම මනරම් අයුරින් ගීත ගයමින් රංගනයේ යෙදුනු ඇය ප්‍රවීණ නාට්‍යවේදී ලුෂන් බුලත්සිංහලගේ බිරිඳ වන අතර ගායක හර්ෂ බුලත්සිංහලගේ මවයි .චිත්‍රපට අතළොස්සක පමණක් රඟපෑ ඇය වඩාත් ජනප්‍රිය වේදිකා නාට්‍ය නිළියක ලෙසයි.

මේ සම්බන්ධයෙන් ප්‍රවීණ කලාශිල්පි බුද්ධදාස ගලප්පත්ති මහතා සිය ෆේස්බුක් පිටුවේ මෙවැන්නක් සටහන් කර තිබිණි.

ඒ ගී හඬ යළි  නෑසේ.
අනුලා බුලත්සිංහල දිවි රඟමඬලින් සමු ගනී.

ශ්‍රී ලාංකීය වේදිකාව ගායනයෙන් රංගනයෙන් වර්ණවත් කළ සුපිපි කුසුම මොහොතකට පෙර පර වූවාය. දීකිරි දීකිරි විකුණූ කිරි වෙළෙන්දිය  සදහටම නින්දේය. තට්ටු කරන්න හෙමින් කියා කියන්නට ඈ දැන් නොමැත.මහාසාර පළඳනාව ඉල්ලා නොකා නොබී සිටි බිසෝ තොමෝ සුදු ඔසරියක්  නොහැඳ ම  සුදු වතින් සැරසී නිදන්නීය.
අනුලා, දයාබර සොයුරිය, යහපත් ලොවක ඉන්න. ඔබේ හඬ රැඟුම අපට කිසිදින අමතක කළ නොහැකි ජීවමාන සුන්දර මතකයකි.


Screenshot 20201016 130530Screenshot 20201016 130611