උපෙකලා අතුකොරළගේ තෙවන කාව්‍ය සංග්‍රහය වන ' සෘතු අග ශේෂ පත් ' 2020 සැප්තැම්බර් 03 වන දින (හෙට) සවස 2.30 ට කොළඹ ජාතික පුත්කාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ. මහාචාර්ය සරත් විජේසුරිය ,ප්‍රවීණ කාව්‍ය රචිකා විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි සහ සහකාර අධ්‍යාපන කොමසාරිස් ප්‍රදීප් ඉඳුනිල් පියරත්න මෙහිදී අදහස් දැක්වීමට නියමිතය. මීට පෙර 'පරතරය (2012) ,සංක්‍රාන්තියක සැණකෙළි' නිකුත් කර ඇති උපෙකලා අතුකොරළගේ තෙවන කාව්‍ය සංග්‍රහය මෙය වෙයි. ' සෘතු අග ශේෂ පත් ' 'සන්ථව' ප්රකාශනයකි.