මිසයිල !

මිසයිල !

වතක් බතක් ලද පමණින් විමුක්තියක් ලැබිය හැකිද කියල 'ප්‍රබුද්ධ'  පොතේ ලිව්වෙ සේකර.

වතක් බතක් සරි කරගන්නත් අමාරු කාලෙක පොතක් පතක් නාට්‍යයක් චිත්‍රපටයක් ඇසුරු කරන්න මිනිස්සු පෙළඹෙන එක සතුටක්..

සැප්තැම්බරය පොත් පෙම්බරයන්ගේ මාසය. අනෙක් කලා මාධ්‍යයන්ට එහෙම මාස නැතත් ඒවාත් උපදිනවා.

නයිට් රයිඩර් හැදෙනව. ප්‍රාණ ළඟ එනවා. හිතුමතේ ජීවිතේ එනවා. ලකාගෙ චිත්‍රපටිය නැවත රූගත කිරීම් ආරම්භ වෙන බවට ආරංචි එනවා.

ඒ අතරේ රාජිත දිසානායක ජූලි මාසෙ දවසක් අරගෙන, අසංක සායක්කාර අයිය මලෝ ආදී නාට්‍ය පොකුරක් අරගෙන, වේදිකාව අත්නොහැර හැප්පෙනව. බුද්ධික දමයන්ත සොයුරා අලුත් වැඩකට සූදානම් වෙන බවට ඉඟි දෙනවා.

මේ සියල්ල, වතක් බතක් විතරක් මදි කියල හිතන සංස්කෘතික මිනිහෙකුගෙ හදවතට සතුටක් ගෙන දෙනව. 

ඒ අව් අස්සේ මේ සංස්කෘතික මහපොළොවට සචිත්‍ර රාහුබද්ධ 2022 සැප්තැම්බර් 18 මිසයිල හතරක් පතිත කරන්න සූදානම් වෙනවා.

කෙටි නාට්‍ය කියන්නෙ හරි අපූරු වැඩක්. පැය බාගයක් වගේ කාලයක් ඇතුලත හිතට වැටෙන මිසයිල වගේ කිසියම් අදහසක් කෙටි නාට්‍යයකින් තැන්පත් කරන්න පුළුවන්.

ජීවන අරගලය මැද්දෙ වෙලාවක් හොයාගන්න පුළුවන් වුණොත්, 18 ලයනල් වෙන්ඩ්ට් එකට එන්න. ඇවිත්, එක ප්‍රවේශපත්‍රයකින් සචිත්‍ර රාහුබද්ධ නිර්මාණය කළ කෙටි නාට්‍ය හතරක් නරඹන්න.

🎯රත්මල් යහනක සැතපී. 
🎯කැපනං.
🎯උත්පලවර්ණා  
🎯දෙමළා නම්

20220914 100555
ඔන්න ඔය මිසයිල, සැප්තැම්බර් 18 දා සවස 3.30 ට 7.00 ට ලයනල් වෙන්ට්ඩ් රඟහලට ඇද වැටෙනවා.

එහෙනම්, එදාට මුණගැහෙමු !

මිසයිල.බලන්න කැමති ඔබට වැඩි විස්තර මෙතනින් 

හිතට වැටුන මිසයිල Fb page