චිත්‍ර ශිල්පිණී ප්‍රසාදිනි කුමාරි ගෙන එන 'ස්පන්දන' (Pulse) ඒක පුද්ගල සිතුවම් දැක්ම එළඹෙන ජුනි 03 වනදා කොළඹ
'ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.
ජුනි 03 වනදා සවස 5.00 ට ඇරඹෙන මෙම සිතුවම් දැක්ම එදින රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙන අතර ජුනි 4, 5 දෙදින තුළ පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා විවෘතයි.
ඇක්‍රිලික් සහ තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් අඳින ලද කැන්වස් චිත්‍ර 30ක් ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි.
දීර්ඝ කලක පටන් චිත්‍ර විෂයය ඇසුරෙහි නිරන්තර පර්යේෂණයෙහි යෙදෙන,
වෘත්තියෙන් චිත්‍ර ශිල්පිණියක මෙන්ම වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද කටයතු කරන ප්රසාදිනීගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මෙයයි.