බෙංගලූරු අන්තර්ජාතික සිනමා උලෙළේ දී The Newspaper චිත්‍රපටය ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
මාර්තු 03 සිට 10 වෙනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූරු නුවර පවත්වන ලද 13 වැනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල පැවැත්විය.
එහි ප්‍රධානතම තරගකාරී අංශයක් වන ආසියානු සිනමා තරගය (Asian Cinema Competition) දී ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙ මෙලෙස "ද නිව්ස්පේපර් "චිත්‍රපටයට හිමිවිය.
ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනයක් වූ මෙම සිනමාපටය සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයකි. කැමරාකරණයෙන් චන්දන ජයසිංහත්, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂනුත්, සංගීතයෙන් ගයාත්‍රී කේමදාසත්, කලා අධ්‍යක්ෂණයෙන් අජන්ත අලහකෝනුත්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත් චිත්‍රපටයට දායක විය.
2006 වසරේ ආරම්භය සනිටුහන් කොට ඇති බෙංගලුරු සිනමා උළෙලේ, 2006-2020 කාලවකවානුව තුළ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 24 ක් තිරගත වී තිබේ.
ඉන් සිනමාපට 11 ක් "ආසියානු සිනමා තරගය" නියෝජනය කොට ඇත.
ඉගිල්ලෙන මාළුවෝ- 2011දී
ඉනි අවන් -2012 දී
ඔබ නැතුව ඔබ එක්ක-2012 තණ්හා රතී රඟා- 2013 දී/ සක්කාරං- 2014 දී
ප්‍රේමය නම්- 2016 දී
අලෝකෝ උදපාදි සහ රතු සමනල හීනයක්- 2017
ගින්නෙන් උපන් සීතල සහ අසන්ධිමිත්තා- 2019
වෙඩි නොවදින ළමයි- 2020
ඒ අනුව "ද නිව්ස්පේපර්" චිත්‍රපටය, බෙංගලුරු උළෙලේ ආසියානු තරග අංශය නියෝජනය කරන ලද 12 වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටයයි.
ලොව පුරා ක්‍රියාත්මක සිනමා උළෙල ප්රමිතිකරණයේ හා වර්ගීකරණයෙහි නියැලෙන ලොව ප්‍රමුඛතම ආයතනය වන "ෆිඇප්ෆ්" (FIAPF- Fédération Internationale des Associations de Producteurs de Films) ආයතනයේ පිළිගැනීම (FIAPF Accreditation) මෙම වසරේ සිට බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙල වෙත හිමිව තිබේ.
ඒ අනුව එවන් පිළිගැනීමක් හිමිව ඇති ලොව 44 වෙනි අන්තර්ජාතික සිනමා උළෙල බවට බෙංගලුරු සිනමා උළෙල පත්වේ.
මෙකී ෆිඇප්ෆ් පිළිගැනීමත් සමග ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම තරගකාරී අන්තර්ජාතික සිනමා උළෙල පහ අතරට (ගෝව, කේරළ, කොල්කටා, මුබ්බායි, බෙංගලුරු) බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙල එක්වේ.