2021 වසරේ World Nature Photography Awards උළෙලේ ජයග්රාහකයින් පසුගියදා නිවේදනය කළා.
සමස්ථ තරගාවලියේ ජයග්රහය හිමිකරගත් සේයාරුවයි මේ. පෙන්ගුයින් කෙනෙකු ගොදුරු කරගන්නා සීල් කෙනෙකු එම ඡායාරූපයට වස්තුවිෂය වී තිබෙනවා.
ශ්රී ලාංකික ඡායාරූප ශිලිපිනී බුද්ධිනීගේ "දිවි බේරා ගැනීමට එහා ඉවුරට පිහිනන චීටාවුන්" සේයා රුවට එහි ක්ෂිරපායි අංශයේ තෙවන ස්ථානය හිමිවුණා.
මිනිසා සහ පරිසරය අතර ඇති සබැඳියාව තීව්ර කිරීමට සේයාරුවකින් කළ හැකි මෙහෙවර අති විශාල බව විශ්වාස කරමින් එවැනි සොබා දහමට ළබැඳි කැමරාකරුවන් ඇගයීමත්, සොබාදහමට මිනිසා ළං කර ගැනීමට එවන් ඡායාරූපවලට ඇති හැකියාවත් පදනම් කරගනිමින් වසරක් පාසා මෙම සම්මාන උළෙල පැවැත්වෙනවා.
ජයග්රාහී සියලු ඡායාරූප පිළිබඳ තොරතුරු මෙතැනින්
තරග අංශ 14 ක් යටතේ පැවැත්වෙන මෙම තරගයේදී ඒ ඒ තරග අංශවල ජයග්රාහී සේයා රූ තුන බැගින් සහ සමස්ථ තරගාවලියේ ජයග්රාහී සේයාරුව නම් කරනු ලබනවා.
2022 තරගය මේ වනවිට විවෘතව ඇති අතර මේ වසරේ ජුනි මස 30 වනදා දක්වා ඊට ඡායාරූප යොමුකළ හැකියි. ලෝකයේ ඕනෑම රටක සිට ඊට ඡායාරූප යොමුකළ හැකි අතර WNPA වෙබ් අඩවියේ අදාළ තොරතුරු ඇතුළත් වනවා.
තරගයට අයදුම් කිරීමට මෙම සබැඳිය ක්ලික් කරන්න