කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ කථිකාචාර්ය කුමේෂ් ප්‍රභාෂිණි ගමගේ විසින් රචිත,
“ජනවිඥානය, ලිබරල්වාදී දෘෂ්ඨිවාදය සහ සඟරා සන්නිවේදනය” සහ
“චන්ද්‍රිකා රූපවාහිනී සන්නිවේදනය” යන කෘති ද්විත්වයන් දොරට වැඩීමේ උත්සවය පෙබරවාරි 15 ( අද) ප.ව. 3.00 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ආරාධිත දෙසුම්
අද්‍යතන මාධ්‍ය සංස්කෘතිය ප්රවර්ධනයෙහිලා සඟරා සන්නිවේදනයේ භූමිකාව
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා
කැලණිය විශ්වවිද්‍යාලය
සංඛ්‍යාංක යුගයේ රූපවාහිනී සන්නිවේදනයේ මුහුණුවර
විශේෂඥ ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහතා
හිටපු ඉංජිනේරු ප්‍රධානී- ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය
නූතන මාධ්‍යයන් ජනවිඥානය හැඩගැස්වීමෙහිලා සමත්ද?
ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය