ගාමිණී අම්බලන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

ගාමිණී අම්බලන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගනශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අම්බලන්ගොඩ මහතා මියයන විට 66 වන වියෙහි පසුවිය.

2016දී හදිසි අනතුරකට ලක්වීමෙන් ඔහුගේ පාදයක කොටසක් අහිමි විය.

රාජකපුරු වේදිකා නාටකයෙන් ජනාදරයට පත්වූ ප්‍රකට වේදිකා හා ටෙලි නළුවෙකුවූ ගාමිණී අම්බලන්ගොඩ මහතා රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල  වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය වලින් ජනාදරයට පාත්‍රවිය.

ආදරණීය පූර්ණිමා,ගල්පිලිම හා බොල්පිළිම , ආදර වසන්තය ඇතුළු ටෙලිනාට්‍ය රැසකටද ඔහු  රංගනයෙන් දායක විය.