ජපානයෙන් ශ්‍රී ලාංකික කලාකරුවන් වෙත පිදෙන බුන්කා සම්මානය මෙවරත්

Previous Next

මෙවර පැවැත්වූ 26 වන බුන්කා සංස්කෘතික සම්මානයෙන් ශ්‍රී ලාංකික කලා කරුවන් හත්දෙනකු පිදුම් ලැබීය.


• සමනලී ෆොන්සේකා ( සිනමා සහ රංග කලාව)

• චාමික හත්ලහවත්ත ( නාට්‍ය හා රංග කලාව)

• රවි සිරිවර්ධන ( සාහිත්‍යය)

• ශයරි ද සිල්වා ( ගෘහ නිර්මාණ ශිල්පය )

• සන්තුෂ් වීරමන් - සංගීතය

• භාතිය ජයකොඩි - සංගීතය

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති H.E. Sugiyama Akira ,මහතාගේ
ප්‍රධානත්වයෙන් එම නිල නිවසේදී ඊයේ(21) සම්මාන ප්‍රදානය සිදුවිය.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් 1993 දී හඳුන්වා දුන් බුන්කා සංස්කෘතික සම්මානය සෑම වසරකම ශ්‍රී ලාංකික කලා හා සංස්කෘතික අංශයන්හි විශේෂ සේවයක් කළ කලා කරුවන් කිහිපදෙනෙක් වෙනුවෙන් පිරිනැමෙන අතර මේ වන විට කලා කරුවන් 140 ක් පමණ මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.