"සිනහා - කඳුළු - එනවා - යනවා..!"

"සිනහා - කඳුළු - එනවා - යනවා..!"

ප්‍රවීන සිනමාකරු සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ සුනිල් සෝම පීරිස් මහතා මියයන වන විට 72 වැනි වියේ පසුවිය.

නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද සිනමාවට දායක වී ඇති සුනිල් සෝම මහතා සිනමාවට පිවිසියේ
නළුවෙකු ලෙසයි. 

පසුව යසපාලිත නානායක්කාර මහතාගේ සිනමාපටවල සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිනමාපට 18 කට දායක විය.

ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඒ මහතා
චිත්‍රපට 45 ක්  අධ්‍යක්ෂණය කර තිබේ. ඒ බොහොමයක් සිනමාපටවල තිර රචනයද ඔහුගේමය.

ජය පිට ජය, ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, චණ්ඩි රජා, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ, වාසනා වේවා, යනාදී චිත්‍රපට ඒ අතර වේ.

වාණිජ වශයෙන් ඉතා සාර්ථක සිනමාපට බිහිකළ සුනිල්සෝම මහතා සිංහල සිනමාවේ "බොක්ස් ඔෆිස් රජු" යන විරුධාවලියෙන් ද හඳුන්වනු ලබයි.

Custom Card 1639116271065 01